දෙහිවලට ගැහුවේ පස්වැනි බෝම්බයයි; ඉන් 3ක් ගල්කිස්ස පොලිස් වසමෙන්
දෙහිවල සිරිසඟබෝ මාවත ප්‍රදේශයේ නිවසකට එල්ල වූ බෝම්බ ප්‍රහාරයත් සමගම මෙම වසරේ මේ දක්වා බෝම්බ ප්‍රහාර පහක් එල්ල කර ඇතැයි පොලිසිය කියයි. අවසන්වරට දෙහිවල නිවෙසකට ඊයේ එල්ල කළ බෝම්බ ප්‍රහාරයෙන් කුඩා දරුවන් දෙදෙනකු ජීවිතක්ෂයට පත් විය.
එම බෝම්බ ප්‍රහාර මාලාවෙන් තුනක්ම ගල්කිස්ස පොලිස් කොට්ඨාසයෙන් වාර්තා විය.
විදේශ ගතව සිටින ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන රසල් ස්මිත් නමැත්තාගේ රත්මලාන ඥානේන්ද්‍ර පාරේ ඥාතියකුගේ නිවසට අගෝස්තු මස 05 වැනිදින බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීම, විදේශ ගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන බඩෝ විට අවිශ්ක නමැත්තාගේ මිතුරකුගේ කළුබෝවිල ශ්‍රී විමලසිරි පාරේ යතුරුපැදි අලුත් වැඩියා කරන්නෙකුගේ නිවසට ඉකුත් 09 වැනිදින බෝම්බ ප්‍රහාරයක් එල්ල වීම හා ඊයේ (11) අලුයම දෙහිවල සිරි සඟබෝමාවත ප්‍රදේශයේ නිවසකට බෝම්බ ප්‍රහාරයක් එල්ලවීම ගල්කිස්ස ප්‍රදේශයට එල්ල වූ බෝම්බ ප්‍රහාර තුනයි.
මෙලෙස බස්නාහිර පළාත තුළ මාසයක පමණ කාලය තුළ පාතාල කල්ලි ගිණි අවි අත්හැර බෝම්බ භාවිතා කිරීම සම්බන්ධයෙන් පොලිසියේ දැඩි අවධානය යොමු වී ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය.
යුද සමයේදී එල්ටීටීඊ සංවිධානයෙන් ලබා ගත් බෝම්බ ඔවුන් විසින් භාවිතා කරන බවට සැකයක් පවතින බවත් ඉදිරියේදී අපරාධ මර්ධනය සඳහා ත්‍රිවිද හමුදාව යොදවා ගැනීමට පොලිසියේ අවධානය යොමුව ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.
දෙහිවලට ගැහුවේ පස්වැනි බෝම්බයයි; ඉන් 3ක් ගල්කිස්ස පොලිස් වසමෙන්
2026-09-12T09:34:00+05:30
Gossip Lanka Hot News






