බිලියන 2 ක පොහොර වංචාවක්! ඇමති ලාල් කාන්තට එරෙහිව ගොවි නියෝජියින් අල්ලස් කොමිසමට පැමිණිලි කරයි
රුපියල් බිලියන 2 ක පොහොර වංචාවක් සිදුකර ඇති බවට චෝදනා කරමින් කෘෂිකර්ම ඇමති කේ .ඩි.ලාල් කාන්තට එරෙහිව ගොවි සංවිධාන කිහිපයක නියෝජිතයින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
පසුගිය යල කන්නයේ ගොවීන්ට පොහොර ලබාදීමේ දී මෙම මහා පරිමාණ වංචාව සිදුව ඇති බවත් ඒ පිළිබඳව කඩිනම් විමර්ශනයක් ආරම්භ කරන ලෙසත් පැමිණිල්ල ඉදිරිපත් කරමින් ගොවි සංවිධාන නියෝජිතයින් අල්ලස් කොමිසම වෙත දැනුම් දී තිබේ.
පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ගොවි සංවිධාන නියෝජිතයෙක් මාධ්‍යට අදහස් දක්වමින් කියා සිටියේ යල කන්නය සඳහා යුරියා පොහොර මෙට්‍රික් ටොන් එකක් රුපියල් 9500 ට ගොවීන්ට ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන්,පොහොර සමාගම් සහ ජාතික පොහොර ලේකම් කාර්යාලයේ නිලධාරින් සාකච්ඡා කර තීරණයක් ගෙන තිබූ බවයි.
ඒ වන විට යුරියා පොහොර මෙට්‍රික් ටොන් එක් ලක්ෂ එක් දහසක් පමණ මෙරට ගබඩා කර තිබූ බව ඔහු අනාවරණය කළේය.
එලෙස පොහොර තිබියදී කෘෂිකර්ම ඇමතිවරයාගේ මැදිහත් වීම මත රුපියල් මිලියන ගණනක් පොහොර සමාගම් වෙත ලබාදීමේ දී මෙම මහා පරිමාණ වංචාව සිතුව ඇති බවට ඔවුහු චෝදනා කරති.
මේ පිළිබඳව විධිමත් පරීක්‍ෂණයක් කඩිනමින් පවත්වන ලෙස ගොන් සංවිධාන නියෝජිතයින් අල්ලස් කොමිසමෙන් වැඩිදුරටත් ඉල්ලා සිටි.
මේ පුවත තව අයට බලන්න
බිලියන 2 ක පොහොර වංචාවක්! ඇමති ලාල් කාන්තට එරෙහිව ගොවි නියෝජියින් අල්ලස් කොමිසමට පැමිණිලි කරයි
2026-09-15T08:40:00+05:30
Gossip Lanka Hot News






