අධිකරණයට අපහාස කිරීම – විමල් ඇතුළු කණ්ඩායමේ ප්‍රකාශ ඇතුළත් CD තැටි අධිකරණයට!
අසත්‍ය ප්‍රකාශ සිදුකර අධිකරණයට අපහාස කළ බව කියන හිටපු අමාත්‍ය විමල් වීරවංශ, උදය ගම්මන්පිල, මන්ත්‍රී දිලිත් ජයවීර, ගෝඨාභය රාජපක්ෂගේ හිටපු ලේකම් සුගීෂ්වර බණ්ඩාර, ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායක අසංක නවරත්න සහ කථිකාචාර්ය මහින්ද පතිරණ යන අය විසින් සිදු කරන ලද ප්‍රකාශ අන්තර්ගත සංයුක්ත තැටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට ඉදිරිපත් කර ඇත.
පාස්කු ප්‍රහාර මාලාව සම්බන්ධ නඩුව (19) දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ යළි කැඳවු අවස්ථාවේදී, මෙම නඩුවට අදාළව අධිකරණයට අපහාස කළ බව කියන ප්‍රකාශ ඇතුළත් සංයුක්ත තැටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට භාරදී ඇත.
මේ පුවත තව අයට බලන්න
අධිකරණයට අපහාස කිරීම – විමල් ඇතුළු කණ්ඩායමේ ප්‍රකාශ ඇතුළත් CD තැටි අධිකරණයට!
2026-08-20T07:17:00+05:30
Gossip Lanka Hot News





