gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

නිවාස අඩස්සිය ලෑස්තියි! කකුලට දාන විද්‍යුත් වළල්ලක් එනවා! (Video)

බන්ධනාගාරවල පවතින දැඩි තදබදයට විකල්පයක් ලෙස, සුදුසු නඩු කටයුතුවලදී රිමාන්ඩ් බන්ධනාගාරගත කෙරෙන සැකකරුවන් සහ වැරදිකරුවන් නිවාස අඩස්සියේ රඳවා තැබීමේ පනත් කෙටුම්පතක් සකස් කිරීමේ කටයුතු කඩිනම් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.

මීට පෙර අමාත්‍ය මණ්ඩලය විසින් ලබා දී ඇති ප්‍රතිපත්තිමය අනුමැතියට අනුව, නීති කෙටුම්පත් සම්පාදක විසින් මෙම පනත් කෙටුම්පත සකස් කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කර ඇත.

නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරන ලද කෙටුම්පත තවදුරටත් සමාලෝචනය කිරීම සඳහා 2025 ජුනි 23 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මූලික අනුමැතිය හිමිව තිබුණි.

අදාළ පනත් කෙටුම්පතට තවදුරටත් ඇතුළත් කළ යුතු වැදගත් විධිවිධාන හඳුනාගෙන ඇති අතර, ඒවා ද ඇතුළත් කරමින් කෙටුම්පතේ කටයුතු කඩිනමින් නිම කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දී ඇත.

ඒ අනුව, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවකට අනුව මෙම අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka