gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

‘ශ්‍රී ලංකා වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංගමය’ පිහිටුවයි - කුසල් මෙන්ඩිස් සමාරම්භක සභාපති ධුරයට!

ශ්‍රී ලංකාවේ වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩකයින් වෙනුවෙන් පෙනීසිටීම සහ ඔවුන්ට අවශ්‍ය සහයෝගය ලබාදීමේ අරමුණින් ‘ශ්‍රී ලංකා වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංගමය’ (SLPCA) නමින් නව නියෝජිත ආයතනයක් පිහිටුවීමට පියවර ගෙන තිබේ.

එහි සමාරම්භක සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා සීමිත ඕවර ක්‍රිකට් කණ්ඩායමේ නායක කුසල් මෙන්ඩිස් පත්කර ඇත.

මෙම සංගමය සම්බන්ධයෙන්කුසල් මෙන්ඩිස් මෙසේ පවසයි.

“මෙවැනි වැදගත් මොහොතක ශ්‍රී ලංකා ක්‍රීඩකයින් නියෝජනය කිරීම සඳහා SLPCA සංගමය පිහිටුවීමට ලැබීම පිළිබඳව අපි ආඩම්බර වෙනවා. ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියට වර්ධනය වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, පරිවර්තන කමිටුව සහ අනෙකුත් පාර්ශවකරුවන් සමඟ සුහදව සහ සහයෝගයෙන් කටයුතු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.”

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු ද මෙම පියවර අගය කරමින් කියා සිටියේ, මෙය ශ්‍රී ලංකා ක්‍රිකට් ඉදිරියට තැබූ තවත් වැදගත් පියවරක් බවයි.

“ක්‍රීඩකයන්ගේ සංගමයක් පිහිටුවීම තවත් වැදගත් පියවරක්. සක්‍රිය ක්‍රීඩක නියෝජනයක් හරහා ප්‍රතිලාභ ලබන ජාත්‍යන්තර ක්‍රිකට් සහ අනෙකුත් ක්‍රීඩාවල නිරත සගයන් අතරට එක්වීමට මෙමගින් ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයින්ටත් අවස්ථාව හිමිවෙනවා.”

මීට අමතරව ජාතික ක්‍රීඩකයන් වන බිනුර ප්‍රනාන්දු සහ වනිඳු හසරංග ද මෙම පියවර අනුමත කරමින් සඳහන් කළේ, මෙය ක්‍රීඩකයන්ට පොදු හඬක් ලබාදෙන අතර ක්‍රීඩාවේ අනාගත සංවර්ධනයට ද උපකාරී වන බවයි.

SLPCA හි ප්‍රධාන කාර්යභාරය සහ ජාත්‍යන්තර සබඳතා

– ක්‍රීඩකයන්ගේ අයිතිවාසිකම් රැකගැනීම, ඔවුන්ගේ සුබසාධනය සහ වර්ධනයට සහය වීම මෙන්ම ඔවුන්ගේ වෘත්තීය ජීවිතයට බලපාන තීරණවලදී ක්‍රීඩකයින්ගේ හඬ නියෝජනය කිරීම සඳහා මෙම සංගමය ස්වාධීනව කටයුතු කරයි.

– මෙම නව ශ්‍රී ලාංකේය ක්‍රීඩකයන්ගේ සංගමය, වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩකයින් නියෝජනය කරන ගෝලීය ආයතනය වන ලෝක ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංගමය (World Cricketers’ Association – WCA) සමඟ සම්බන්ධ වී ඇති බව වාර්තා වේ.

– ලොව ප්‍රමුඛ පෙළේ ක්‍රිකට් රටවල් 19 න් 17 කට අයත් වත්මන් අන්තර්ජාතික ක්‍රීඩකයන් 750 කට අධික සංඛ්‍යාවක් WCA වැඩසටහන් සඳහා දැනටමත් දායක වී සිටිති.

– ශ්‍රී ලංකාව මෙම සංගමයට එක්වීමත් සමඟ ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව, එංගලන්තය, බංග්ලාදේශය, ඇෆ්ගනිස්ථානය, සිම්බාබ්වේ, ඇමෙරිකාව, නවසීලන්තය, කැනඩාව, උගන්ඩාව, බටහිර ඉන්දීය කොදෙව්, නෙදර්ලන්තය, අයර්ලන්තය, ස්කොට්ලන්තය, නමීබියාව සහ ඉතාලිය යන රටවල ක්‍රීඩකයන් සමග ශ්‍රී ලාංකික ක්‍රීඩකයෝද එක්වෙති.
(උපුටාගැනීම – Newswire.lk)
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka