gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඩොලර් මිලියන 715ක නීතිවිරෝධී මුදල් රටින් පැන්නීමේ මහා ජාවාරමට බැංකු නිලධාරීනුත් හසුවන ලකුණු

2023 ජනවාරි සිට 2026 මාර්තු දක්වා කාලය තුළ ව්‍යාජ සමාගම් 105 ක් ඔස්සේ ඇමෙරිකානු ඩොලර් මිලියන 715 කට ආසන්න මුදලක් නීතිවිරෝධී ලෙස විදේශයන් වෙත යවා ඇති බවට අනාවරණය වීමත් සමඟ, 2023 ජනවාරි මාසයට පෙර සිදු වූ මෙවැනි ව්‍යාජ ආනයන ලේඛන සම්බන්ධයෙන්ද අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

මුදල් අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා මහ බැංකුව කළ ඉල්ලීමකට අනුව මෙම පරීක්ෂණ ක්‍රියාත්මක වේ. ඩුබායි හි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සම්බන්ධ අන්තර්ජාතික මුදල් විශුද්ධිකරණ ජාලයන්ට අනුබල දුන් බවට සැකකෙරෙන පුද්ගලයින් 55 දෙනකු, බැංකු ගිණුම් 227ක් සහ බැංකු හරහා සිදුවූ ටෙලිග්‍රැෆික් හුවමාරු (Telegraphic transfers) 24,300 ක් පමණ CIDය විසින් මේ වන විට හඳුනාගෙන ඇත.

වාණිජ බැංකු, ශ්‍රී ලංකා රේගුව සහ අදාළ අමාත්‍යාංශ අතර විදේශ ප්‍රේරණ සහ සැබෑ භෞතික ආනයනයන් පිළිබඳ තොරතුරු සැසඳීමේදී විශාල අඩුපාඩු පැවැති බව හෙළි වී තිබේ. විදේශ විනිමය අනුපාතිකය අවප්‍රමාණය වීමට පටන් ගත් අවස්ථාවේදී භාණ්ඩ ආනයනය සඳහා අධික ඉල්ලුමක් පැවතුණද, එම භාණ්ඩ දිවයිනට ලැබී නොතිබූ බවත්, ඒ පිළිබඳ කළ සොයාබැලීමේදී මෙම මහාපරිමාණ මූල්‍ය වංචාව අනාවරණය වූ බවත් නියෝජ්‍ය අමාත්‍යවරයකු සඳහන් කර ඇති බව Sunday Times පුවත්පත පවසයි.

මීට පෙර මෙවැනි වංචා රේගුව වැනි ආයතනවලට හසු වූ විට, ව්‍යාපාරිකයන් දේශපාලන බලපෑම් යොදාගනිමින් නීතියෙන් බේරීමට කටයුතු කර තිබුණද, මෙවර සිදුකෙරෙන විමර්ශන හමුවේ අදාළ මුදල් යවන ලද ව්‍යාජ සමාගම් පිළිබඳවද දැඩි ලෙස පරීක්ෂණ පවත්වයි. මීට අමතරව, වානේ ආශ්‍රිත ගෘහ භාණ්ඩ අලෙවි කරන සමාගමක් සම්බන්ධයෙන්ද මූල්‍ය විශුද්ධිකරණ චෝදනා යටතේ පරීක්ෂණ පැවැත්වෙන අතර ඊට අදාළ නඩුවක් මහාධිකරණයේ විභාග වේ.

මෙම තත්ත්වය හමුවේ, අධිකරණ නියෝගයකින් තොරව දින 14 ක් සඳහා ද්විතීයික වත්කම් තහනම් කිරීමට බලධාරීන්ට බලය පවරමින්, මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනතට සහ මුල්‍ය ගනුදෙනු වාර්තා කිරීමේ පනතට පාර්ලිමේන්තුව විසින් දැඩි සංශෝධන ඇතුළත් කර සම්මත කර ඇත.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka