gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

සෙවණගල සීනි කර්මාන්තශාලාව දින නියමයක් නොමැතිව වසාදැමේ!

සීමාසහිත ලංකා සීනි (පෞපුද්ගලික) සමාගමේ සෙවණගල ඒකකයට අයත් සීනි කර්මාන්තශාලාව නැවත දැනුම්දෙන තුරු දින නියමයක් නොමැතිව වසාදැමීමට පාලනාධිකාරිය තීරණය කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම සඳහන් කර ඇත්තේ, සේවකයන් විසින් ක්‍රියාත්මක කරනු ලබන වැඩ වර්ජනය හේතුවෙන් ආයතනයට සිදුවන මූල්‍ය අලාභය අවම කර ගැනීමේ අරමුණින් මෙම තීරණය ගත් බවයි.

පසුගිය 25 වැනිදා පස්වරු 2.00 සිට සෙවණගල ඒකකයේ සේවකයන් පිරිසක් සිය රාජකාරිවලින් ඉවත්ව නිෂ්පාදන කටයුතු ආරම්භ නොකිරීමට කටයුතු කර තිබූ බවද එම නිවේදනයේ සඳහන් වේ.

ඒ හේතුවෙන් සිදුවිය හැකි මූල්‍ය අලාභය වළක්වාගැනීම සඳහා පසුගිය 26 සහ 27 යන දිනවල අත්‍යවශ්‍ය සේවාවල නිරත සේවකයන් හැර අනෙකුත් සේවකයන්ට නිවාඩු ලබා දී තිබේ.

එමෙන්ම, ඊයේ (28) දිනයේදී යළි නිෂ්පාදන කටයුතු ආරම්භ කරන ලෙස ප්‍රධාන මෙහෙයුම් නිලධාරීවරයා විසින් සේවකයින්ට දැනුම් දී තිබූ බවද සමාගම සඳහන් කරයි.

කෙසේවෙතත්, කර්මාන්තශාලාවේ නිෂ්පාදන කටයුතු යළි ආරම්භ කිරීමෙන් අනතුරුවද සේවකයන් සුපුරුදු පරිදි වැඩවර්ජනයේ නිරත වීම හේතුවෙන්, කර්මාන්තශාලාව දින නියමයක් නොමැතිව වසාදැමීමට තීරණය කළ බව සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka