මෙරට පාතාල ලොක්කෙක් ඩුබායිහිදී අත්අඩංගුවට...
සාරංග ප්‍රදීප් හෙවත් ‘වැල්ලේ සාරංග’ නමැති සංවිධානාත්මක අපරාධකරු ඩුබායිහිදී එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. පසුගියදා සිදු කරන ලද මෙම අත්අඩංගුවට ගැනීම සඳහා මෙරට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය සහ බුද්ධි අංශ නිලධාරීන් ලබා දුන් තොරතුරු මූලික වී තිබේ.
ලලිත් කන්නන්ගර හෙවත් ‘බස් ලලිත්’ නමැති සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා ඩුබායි වෙත ගොස් සිටි නිලධාරීන් ලබා දුන් බුද්ධි තොරතුරු මත එරට පොලිසිය මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු සන්තකයේ තිබී කොකේන් සහ ‘අයිස්’ නමැති මත්ද්‍රව්‍ය තොගයක්ද සොයාගෙන ඇති බව වාර්තා වේ.
කෙසේ වෙතත්, මෙම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඩුබායි බලධාරීන් විසින් මෙරට ආරක්ෂක අංශ වෙත මෙතෙක් නිල වශයෙන් දැනුම් දීමක් කර නොමැති බවද වැඩිදුරටත් වාර්තා වේ.
සැකකරු මෙරටට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව ආරක්ෂක අංශ අවධානය යොමු කර ඇත.
මෙරට පාතාල ලොක්කෙක් ඩුබායිහිදී අත්අඩංගුවට...
2026-08-29T23:46:00+05:30
Gossip Lanka Hot News






