උතුරේ මුහුදු සීමාවේ ආරක්ෂාව උපරිමයෙන් තරකෙරේ - මන්නාරමෙන් ඉන්දියාවට පනින ගේට්ටුවට දැඩි රැකවල්!
ශ්‍රී ලංකාවේ නීතියෙන් බේරී පළායන අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා උතුරු මුහුදු සීමාවේ, විශේෂයෙන්ම පාක් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව ආරක්ෂක දැල දැඩි කිරීමට ආරක්ෂක බලධාරීන් පියවර ගෙන තිබේ.
අපරාධකරුවන් රැසක් මන්නාරම් මුහුදු තීරය ඔස්සේ නීතිවිරෝධී ලෙස ඉන්දියාවට පැනගොස්, එතැනින් මැදපෙරදිග රටවල් වෙත සංක්‍රමණය වන බවට තොරතුරු අනාවරණය වීමත් සමඟ මෙම විශේෂ මෙහෙයුම් ආරම්භ කර ඇත.
මේ අතර පසුගියදා වත්තල ප්‍රදේශයේ පැවැති උපන්දින සාදයකදී පුද්ගලයකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ වයස අවුරුදු 34 සහ 35 පසුවන ප්‍රධාන සැකකරුවන් දෙදෙනකු මන්නාරමෙන් බෝට්ටුවක් ආධාරයෙන් ඉන්දියාවට පැනගොස් සිටියදී ඉන්දීය බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන නැවත මෙරටට බාරදී තිබේ.
දිවයිනට රැගෙන ආ සැකකරුවන් දෙදෙනා ප්‍රශ්න කිරීම් සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් බාරගෙන ඇති අතර, වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඔවුන් කොළඹ උතුර අපරාධ කොට්ඨාසය වෙත භාරදීමට පියවර ගෙන ඇත.
අන්තර්ජාතික ජාවාරම්කරුවන්ගේ සහාය ඇතිව සිදුවන මෙවැනි පැන යාම් නතර කිරීමට උතුරු නාවික හා ආරක්ෂක අංශ මේ වන විට විශේෂ සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කරයි.
මේ පුවත තව අයට බලන්න
උතුරේ මුහුදු සීමාවේ ආරක්ෂාව උපරිමයෙන් තරකෙරේ - මන්නාරමෙන් ඉන්දියාවට පනින ගේට්ටුවට දැඩි රැකවල්!
2026-08-17T11:17:00+05:30
Gossip Lanka Hot News





