gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

පරීක්‍ෂා නොකර පිටකල කන්ටේනර් 323 ගැන තොරතුරු තමන් සතුව නැති බව රේගුව දැනුම් දෙයි

භෞතික පරීක්ෂාවකින් තොරව නිදහස් කරන ලද බව කියන ආන්දෝලනාත්මක බහාළුම් 323ක් සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් හෝ ලේඛනයක් තමන් සතුව නොමැති බව ශ්‍රී ලංකා රේගුව දැනුම් දී තිබේ.

විනිවිද පදනමේ, නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත යටතේ ඉදිරිපත් කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් රේගු දෙපාර්තමේන්තුව මේ බව අනාවරණය කර ඇත.

භෞතික පරීක්ෂාවකින් තොරව නිදහස් කළ හෝ මුදාහළ යන ක්‍රමවේදයන් යටතේ රේගුවෙන් පිටව ගිය බහාළුම් ලැයිස්තුවක් නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් ඉල්ලා තිබුණි.

එම ඉල්ලීම සම්බන්ධයෙන් රේගු භාණ්ඩ පරීක්ෂණ අංශයෙන් කළ විමසීමකදී එම අංශය දැනුම් දී ඇත්තේ, අදාළ ක්‍රමවේදයන් යටතේ පරීක්ෂාවකින් තොරව නිදහස් කරන ලද බහාළුම් පිළිබඳ කිසිදු ලේඛනයක් හෝ තොරතුරක් එම අංශය සතුව නොමැති බවයි.

මෙම තීරණය සම්බන්ධයෙන් සෑහීමකට පත් නොවන්නේ නම් දින 14ක් ඇතුළත අභියාචනයක් ඉදිරිපත් කළ හැකි බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka