gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මහින්දානන්ද බලය 17 වසරකින් බිද වැටේ... මාලිමාවට බලය යයි

නාවලපිටිය විවිධ සේවා සමුපකාර සමිතියේ පාලන බලය වසර 17කට පසු ජාතික ජන බලවේගයට හිමි වී ඇත.

වසර 17ක් තිස්සේ ඒහි පාලන බලය හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ආධාරකරුන් යටතේ තිබී ඇත.

ඒම සමිතියට අධ්‍යක්ෂක මණ්ඩලයේ සමාජිකයන් 09 දෙනෙකු සභාපතිවරයා සහ උපසභාපතිවරයා තෝරා ගැනීම සදහා ඒම සමිතියේ මහ සභාව මහනුවර මූලස්ථාන සමූපාකාර සංවර්ධන නිළධාරි ඒම්.ආර්.මුස්තාෆ් මහතාගේ ප්‍රධානත්වයෙන් නාවලපිටිය පල්ලේගම නාවලපිටිය සමූපාකාර ප්‍රධාන කාර්යාලයේදි (08) දින පැවත්විණ.

මෙම මහ සභාවට විපක්ෂය නියෝජනය කරමින් කිසිදු මහ සභා නියෝජිතයෙකු සහභාගි නොවූ නිසා නිතරගයෙන් සාමාජිකයන් 09 දෙනෙකු අධ්‍යක්ෂක මණ්ඩලය සදහා තේරි පත් වී ඇති අතර, ඒම අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයන් 09 දෙනාගෙන් සභාපතිවරයා සහ උප සභාපතිවරය තෝරා පත් කර ගැනිමේදි මංජු ශ්‍රී ධර්මකිරිති මහතා ඒම සභාවේ සභාපතිවරා වශයෙනුත් ඒස්.ගුණදාස මහතා උප සභාපතිවරයා වශයෙන් නිතරගයෙන් තේරි පත් වි ඇත.

නාවලපිටිය විවිධ සේවා සමුපකාර සමිතියේ නව සභාපතිවරයා වශයෙන් තේරි පත් වූ මංජු ශ්‍රී ධර්මකිරිති මහතා නුවරඑලිය දිස්ත්‍රික් දේශිය ආදායම්බදු කාර්යාලයේ නියෝජ්‍ය කොමසාරිස්වරයා වශයෙනද කටයුතු කරන අතර, ඒ් මහතා මධ්‍යම පලාත් සමූපාකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ පරික්ෂකවරයෙකු වශයෙන්ද කලක් කටයුතු කර ඇත.

ඒම සමිතියට තේරි පත් වූ සභාපතිවරයා, උප සභපතිවරාට සුහ පැතීමට මහනුවර දිස්ත්‍රික් පර්මේන්තු මන්ත්‍රී තුෂාරි ජයසිංහ මහත්මියද පැමිණ සිටියහ

- රංජිත් රාජපක්ෂ 
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka