gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

කිලිනොච්චි කැලෑවේ ත්‍රස්ත කඳවුරක් ගැන පළවූ ආරංචිය පසුපස පොලිසිය පන්නයි... ගොඩනැගිල්ලේ ඇඟලුම් කම්හලක්... හෙළිවූ තොරතුරු මෙන්න

කිලිනොච්චිය, පලෙයි ප්‍රදේශයේ රක්‍ෂිත වනාන්තරයක් තුළ කිසිම ආකාරයක ත්‍රස්තවාදී පුහුණු කඳවුරක් හෝ බෝම්බ නිෂ්පාදන කම්හලක් නොමැති බව පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා සඳහන් කර තිබෙනවා.

එවැනි ත්‍රස්ත කඳවුරක් ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර ගිය කතාවලින් සහ කළ විමර්ශනවලින් මේ බව අනාවරණය වූ බව හෙතෙම කීවේය.

මෙම ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පුළුල් විමර්ශනයක් මේ වනවිට ආරම්භ කර ඇති බවත් එම කරුණු සඳහන් කළ අන්තර් මහද්වීපික මානව හිමිකම් සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ සංගීත් ජයසේකර මහතාගෙන් ද ප්‍රකාශයක් ලබා ගැනීමට කටයුතු කරන බවත් පොලිස්පතිවරයා පවසයි.

සමාජ මාධ්‍ය ඔස්සේ මෙම ආන්දෝලනාත්මක කරුණු දැක්වීම කළ අවස්ථාවේ ඒ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් කරන ලෙස පොලිස්පතිවරයා කිලිනොච්චිය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට නියෝග කර ඇත.

ඒ අනුව සිදුකළ විමර්ශනයකදී හෙළි වී ඇත්තේ පලෙයි ප්‍රදේශයේ පිහිටි රක්‍ෂිත වනාන්තරයේ අක්කර ගණනක් හෙළිපෙහෙළි කර ඉදි කර ඇත්තේ ගොවිපොළක් සහ ඇඟලුම් කර්මාන්ත ශාලාවක් බවයි. එම ගොවිපොළේ කෝමාරිකා සහ තවත් වගාවන් කිහිපයක් පවත්වාගෙන ගොස් ඇත.

එහි ඉදි කළ තුන් මහල් ගොඩනැගිල්ලේ එක් වහලක ජුකි මැෂින් යොදවා ඇඟලුම් කම්හලක් පවත්වාගෙන ගොස් ඇත්තේ කිලිනොච්චිය ප්‍රදේශයේ දෙමළ ජාතික ව්‍යාපාරිකයකු විසිනි.

මෙම ගොවිපොළේ සහ ඇඟලුම් කම්හලේ සේවයට එම ප්‍රදේශයේ පදිංචිකරුවන් 100කට වැඩි පිරිසක් සම්බන්ධ කරගෙන සිට ඇත.

පලෙයි රක්‍ෂිතයේ අනවසර ඉදි කිරීම් සම්බන්ධයෙන් එහි හිමිකරුට සහ පාලනයට සම්බන්ධ වී සිටි පුද්ගලයන්ට එරෙහිව අධිකරණයේ නඩු පවරා ඇති බවද පොලිසිය පවසයි.

මෙවැනි තත්ත්වයන් තිබියදී එම ගොවිපොළ ත්‍රස්තවාදී කඳවුරක් බවට හුවා දක්වා රටේ මහත් ආන්දෝලනයක් ඇති කිරීමට උත්සාහ කරන පාර්ශ්ව ඇත්නම් ඔවුන් සම්බන්ධයෙන් ද පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මක කරගෙන යන බවද පොලිස්පතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

දිවයින
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka