gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඉවත් කළ වත්කම් නඩු යළි පැවරේ...

මහින්දට 01 - ගෝඨාභයට 01
බැසිල්ට 05 - නාමල්ට 01
යෝෂිතට 02- රෝහිතට 01.....

මහාධිකරණය මඟින් නිදහස් කළ හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දුට එරෙහි නඩු නැවත විභාග කරන ලෙස අභියාචනාධිකරණයෙන් ලබාදුන් තීන්දුවත් සමඟ මහින්ද, රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, යෝෂිත රාජපක්ෂ සහ පෙර ආණ්ඩුවල සිටි මැති-ඇමැතිවරුන් රැසකගේ නඩු නැවත පැවරීමට හැකියාව ලැබෙන බව ජ්‍යෙෂ්ඨ නීතිවේදීහු පෙන්වා දෙති.

අල්ලස් කොමි­සමේ කොම­සා­රි­ස්ව­රුන් තිදෙ­නා­ගේම අත්සන් නොමැත යන මූලික විරෝ­ධ­තාව පිළි­ග­නි­මින් සතොස නඩු­වෙන් ජොන්ස්ටන් ප්‍රනාන්දු නිද­හස් කෙරිණි. ඉන්පසු අල්ලස් කොමි­සමේ අධ්‍යක්ෂ ජන­රා­ල්ව­රයා විසින් එම තීන්දු­වට එරෙ­හිව අභි­යා­ච­නා­ධි­ක­ර­ණ­යට ප්‍රති­ශෝ­ධන පෙත්ස­මක් ගොනු­ක­රන ලද අතර, ඊට අදාළ තීන්දුවේ සඳ­හන් වූයේ අල්ලස් කොමි­සමේ එක් කොම­සා­රි­ස්ව­ර­ය­කුගේ අත්ස­නින් නඩු පැව­රිය හැකි බවයි.

ඒ අනුව අදාළ කොන්දේ­සිය මත ඉවත් කර­ගත් මහින්ද රාජ­ප­ක්ෂගේ වත්කම් නඩු­වක්, ගෝඨා­භය රාජ­ප­ක්ෂගේ වත්කම් නඩු­වක්, බැසිල් රාජ­ප­ක්ෂගේ වත්කම් නඩු 5ක්, නාමල් රාජ­ප­ක්ෂගේ සහ යෝෂිත රාජ­ප­ක්ෂගේ නඩු 3ක්, රෝහිත අබේගුණ­ව­ර්ධ­නගේ නඩු­වක්, කෙහෙ­ළිය රඹු­ක්වැ­ල්ලගේ නඩු­වක් ඇතුළු නඩු රැසක් නැවත පැව­රී­මට හැකි­යාව ලැබේ.

මේ සියලු නඩු ඉවත් කර­ගෙන ඇත්තේ එක් කොම­සා­රි­ස්ව­ර­ය­කුගේ පම­ණක් අත්ස­නින් පවරා ඇත, යන කරුණ මත ය.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka