gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

දේශපාලන පොරොන්දුවලට රැවටී අමාරුවේ වැටෙන්න එපා...! - පොලිස්පතිවරයාට නාමල් රාජපක්ෂගෙන් අනතුරු ඇඟවීමක්!

දේශපාලන පොරොන්දුවලට නොරැවටෙන ලෙසත්, අතීතයේදී දේශපාලන පක්ෂවලට සහය දී අමාරුවේ වැටුණු හිටපු පොලිස්පතිවරුන්ගේ ඉරණම සිහිපත් කරන ලෙසත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාට ඊයේ (04) පාර්ලිමේන්තුවේදී දැඩි ලෙස අවවාද කළේය.

 පොලිස් සේවය සඳහා රජය අසීමිත ප්‍රතිපාදන ලබා දී ඇති පසුබිමක, දේශපාලඥයින්ගේ බොරු පොරොන්දු පිළිගෙන ආයතනයේ ස්වාධීනත්වය පලුදු කර නොගන්නා ලෙස ඔහු ඉල්ලා සිටියේය.

රජය විවිධ සහන ලබා දෙන බව පැවසුවද ප්‍රායෝගිකව ගොවීන් පොහොර හිඟය සහ සහතික මිලක් නොමැති වීම නිසා දැඩි පීඩාවට පත්ව සිටින බව මන්ත්‍රීවරයා මෙහිදී පෙන්වා දුන්නේය. ඩිත්වා සුළි කුණාටුවෙන් පසු ලබා දුන් පොරොන්දු මෙතෙක් ඉටු කර නොමැති බවත්, අවදානම් ප්‍රදේශවලින් ඉවත් කළ ජනතාව නැවත එම ප්‍රදේශවලටම යැවීම හේතුවෙන් ඔවුන් යළිත් ආපදාවලට මුහුණ දී ඇති බවත් ඔහු සඳහන් කළේය. 

එසේම, උසස් පෙළ සිසුන් ආපදා තත්ත්වය හමුවේ දැඩි අසීරුතාවකට මුහුණ දී සිටින බවත්, අස්වනු නෙළන කාලය තුළ රටට සහල් ආනයනය කිරීමෙන් ගොවීන් අසරණ වී ඇති බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka