gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

දිලිත් මාව අනාථ කළා... රස්සාවත් අතහැර දිලිත් ළඟට ගිය කුමාරිට සියල්ල අහිමි වෙලා!

'සර්වජන බලය' පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා විසින් තමන් ඇතුළු කාන්තාවන් රැසකට ව්‍යාජ දේශපාලන සහ රැකියා පොරොන්දු ලබා දී ඔවුන්ගේ ජීවිත අනාථ කර ඇති බවට හිටපු පළාත් පාලන මන්ත්‍රීවරියක වන කුමාරි පතිරගේ මහත්මිය විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් දැඩි චෝදනා එල්ල කර තිබේ.

රාජ්‍ය සේවයේ සහකාර කළමනාකාරිණියක ලෙස කටයුතු කළ තමන්, දිලිත් ජයවීර මහතාගේ පොරොන්දු මත එම රැකියාවෙන් ඉල්ලා අස්වී පක්ෂයට එක් වුවද, අවසානයේදී පොරොන්දු වූ මන්ත්‍රී ධුරය හෝ කිසිදු ආදායම් මාර්ගයක් නොලැබී තමන් ආර්ථික හා දේශපාලනික වශයෙන් දැඩි අර්බුදයකට මුහුණ දුන් බව ඇය ප්‍රකාශ කර ඇත. 

තමන්ට සිදුවූ අසාධාරණයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පවසන ඇය, මෙවැනි බොරු පොරොන්දුවලට රැවටී වෙනත් අයද අනාගතය අඳුරු කර නොගන්නා ලෙස අනතුරු අඟවා සිටියි.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka