gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මේ දඩුවමෙන් හිටපු ජනපති මෛත්‍රි සහ නිලන්ත ජයවර්ධන සතුටු වෙනවා - හේමසිරිගේ අවසන් වචනය...

පාස්කු ප්‍රහාරය පිටුපස පැවති කුමන්ත්‍රණයේ අවසන් ප්‍රතිඵලය මෙම නඩු තීන්දුව බවත්, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙම නඩු තීන්දුවෙන් සතුටු වන දෙදෙනෙක් බවත්, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා ප්‍රකාශයක් කර තිබෙනවා.

ඒ,පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාව වැළැක්වීමට අපොහොසත් වීම ඇතුළු චෝදනාවලට අදාළව ඔහු වෙත මරණ දඬුවම නියම කිරීමට ආසන්න මොහොතේයි.

එහිදී ඔහු සඳහන් කර සිටියේ,

“ස්වාමිනි, පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර කුමන්ත්‍රණයේ අවසන් ප්‍රතිඵලය තමයි ඔබේ මේ තීන්දුව. මේ තීන්දුවෙන් සතුටු වෙන දෙන්නෙක් ඉන්නවා. ඒ තමයි නීතිපති දෙපාර්තමේන්තුව මුල ඉඳලම ආරක්ෂා කරපු නිලන්ත ජයවර්ධනයි, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනයි.”

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම, රාජකාරිය පැහැර හැරීම සහ මිනීමැරීමට අනුබල දීමේ චෝදනාවලට වැරදිකරු කෙරුණු හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරු මඬුල්ල විසින් මරණීය දණ්ඩනය නියම කළා.

මෙම නඩුව අද (31) ප්‍රියන්ත ලියනගේ, විරාජ් වීරසූරිය සහ තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ විභාග වුණා.

එම විනිසුරු මඩුල්ලේ ප්‍රියන්ත ලියනගේ සහ තිලකරත්න බණ්ඩාර යන විනිසුරුවරු සිය බහුතර තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළේ විත්තිකාර හේමසිරි ප්‍රනාන්දු මහතාට පැමිණිල්ල විසින් එල්ල කර තිබූ චෝදනා 855 න් චෝදනා 854 කට වරදකරු කරන බවයි.

“පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වීමට පෙර දින සවස රාජ්‍ය බුද්ධි සේවයේ එවක අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා පසුදා එල්ලවීමට නියමිත ප්‍රහාරය පිළිබඳව විත්තිකරුට දැනුම් දී තිබුණා. නමුත් ආරක්ෂක ලේකම්වරයා වශයෙන් එය වැළැක්වීමට විත්තිකරු කිසිදු ක්‍රියාමාර්ගයක් ගැන තිබුණේ නැහැ. ඔහුට බුද්ධි අංශ රැස්වීමක් කැඳවා ගතයුතු පියවර ගැන සාකච්ඡා කරන්න තිබුණා. ඒ වගේම ත්‍රිවිධ හමුදාව සමඟ සාකච්ඡා කර ප්‍රහාර වැළැක්වීමට අවශ්‍ය පියවර ගැනීමට හැකියාව තිබුණා. එහෙත් ඔහු එවැනි ක්‍රියාමාර්ග කිසිවක් ගත්තේ නැහැ. මේ තුළින් විත්තිකරු මෙම ප්‍රහාරය හේතුවෙන් මිනීමැරුම් සිදුවිය හැකි බවට හොඳටම තොරතුරු දනිමින් එය වැළැක්වීමට කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නෑ.” ඒ අනුව රාජකාරිය නොකර හැරීම සහ මිනීමැරීමට ආධාර අනුබලදීම යන චෝදනාවලට විත්තිකරු වරදකරු කරන බවත් බහුතර විනිසුරුවරු පැවසුවා.

නමුත් සුළුතර තින්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරු විරාජ් විරසූරිය මහතා ප්‍රකාශ කළේ විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබෙන චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු වී නොමැති බවයි.

ඒ අනුව විත්තිකරු නිදොස් කොට නිදහස් කරන බව විනිසුරුවරයා පැවසුවා.

කෙසේ වෙතත් බහුතර විනිසුරුවරුන්ගේ එකඟත්වය මත හේමසිරි ප්‍රනාන්දු මහතාට මරණීය දණ්ඩනය පනවනු ලැබුවා.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka