gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

කෝටි 2500ක් වටිනා විශාල පිළිමයක් ජාඇල වළදාලා! ගොඩගන්න සියල්ල ලෑස්තියි!

ජාඇල මෙල්වත්ත ප්‍රදේශයේ වළදමා ඇති බවට සැකකෙරෙන, රුපියල් කෝටි 2500ක් පමණ වටිනාකමකින් යුත් පෞරාණික රන් ආලේපිත හනුමන්තා පිළිමය ගොඩගැනීමේ කැනීම් කටයුතු සිදුකරන අවස්ථාවේදී ඒ සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් යොමුකරවන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන පෙරේදා (30) පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාට නියෝග කළේය.

එමෙන්ම, කැනීම් කටයුතු සිදුවන භූමියට සහ පරිශ්‍රයට අවශ්‍ය උපරිම ආරක්ෂාව ලබාදෙන ලෙස පොලිස් විශේෂ කාර්ය බලකායට (STF) ද මහේස්ත්‍රාත්වරයා නියෝග නිකුත් කළේය. කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් ඉදිරිපත් කළ මෝසමක් සලකා බලමින් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝග ලබාදුන් අතර, අදාළ ස්ථානයේ පරීක්ෂණ සහ කැනීම් කටයුතු ආරම්භ කිරීමට ලබන අගෝස්තු මස 03 වැනිදා අවසර හිමිවිය.

අත්අඩංගුවට ගැනීම් සහ හඬපට විමර්ශනය

මෙම අතිවිශාල වටිනාකමකින් යුත් පෞරාණික පිළිමය විකිණීමට තැත් කළ බවට සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනෙකු ලබන අගෝස්තු මස 05 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ.

මෙම සිද්ධියට අදාළව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල ගේ නම භාවිත කරමින් පෞද්ගලික නාලිකාවක විකාශය වූ හඬපටයක් සම්බන්ධයෙන්ද පුළුල් විමර්ශනයක් ආරම්භ වී ඇත. නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් පොලිස්පතිවරයා වෙත කරන ලද පැමිණිල්ලකට අනුව පොලිස්පතිවරයාගේ උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මගින් මෙම විමර්ශන පවත්වනු ලබයි.

එල්.ටී.ටී.ඊ. සමයේ තොරතුරු සහ ඉදිරි පරීක්ෂණ

අධිකරණය හමුවේ කරුණු දක්වමින් පොලීසිය ප්‍රකාශ කළේ, අදාළ යගදාව සහිත රන් ආලේපිත හනුමන්තා පිළිමය එල්.ටී.ටී.ඊ. යුද සමයේ යාපනය ප්‍රදේශයේ තිබී සොයාගන්නා ලද්දක් බවටත්, පසුව එය ජාඇල මෙල්වත්ත ප්‍රදේශයේ වළදමා ඇති බවටත් තොරතුරු සංසරණය වූ බවයි.

මෙම ජාවාරම සහ සිදුවීමට සම්බන්ධ තවත් සැකකරුවන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇති බවත්, ඒ සම්බන්ධයෙන් විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් ඔස්සේ පරීක්ෂණ ක්‍රියාත්මක වන බවත් පොලීසිය වැඩිදුරටත් අධිකරණයට දැනුම් දුන්නේය.

-mawratanews

gold hanuman statue in sri lanka
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka