gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

නේපාලයේ වැනි අනතුරක් ලංකාවේත් වෙන අවදානමක්!

නේපාලයේ සිදු වූ ඛේදවාචකය මෙන් විපත් කුඩා පරිමාණයෙන් හෝ මෙරට තුළ ද ඕනෑම අවස්ථාවක සිදු විය හැකි බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූගර්භ හා භූ විද්‍යා අධ්‍යයන අංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා අනතුරු අඟවා සිටී.

මහාචාර්ය අතුල සේනාරත්න මහතා වැඩිදුරටත් සඳහන් කරන්නේ නේපාලයේ සිදු වූ මෙම ඛේදවාචකය මෙරටට ද සෘජු පාඩමක් කියාදෙන බවය.

මෙරට මෑතකදී ඇතිවූ ‘දිට්වා’ සුළි කුණාටුව අතරතුර සරසවිගම ප්‍රදේශයේ සිදුවූ නායයෑම ඊට හොඳම උදාහරණය සපයන බවද මහාචාර්යවරයා පැවසීය. එම නායයෑම නිසා ප්‍රදේශයේ ඇළ මාර්ගයක් හිරවී එමගින් මුළු ගම්මානයම යට කරමින් 20කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත් වූහ.

ගංගා සහ ඇළ දොළ ආසන්නයේ පිහිටි දිරාපත් වූ පාෂාණ සහ විශාල පස් තට්ටු නායයෑමට ලක්වූ විට එම පස් තට්ටු මගින් ජල මාර්ග අවහිර විය හැකි අතර එලෙස එක්රැස් වන විශාල ජලකඳ එම අවහිරතා බිඳ දමා පහළට ගැලීමෙන් නොසිතූ මොහොතක දැවැන්ත ජලගැලීම් නිර්මාණය වීමේ අවදානමක් පවතින බවද ඒ මහතා පෙන්වා දෙයි.

එමෙන්ම මහාචාර්ය අතුල සේනාරත්න මහතා වැඩිදුරටත් සඳහන් කරන්නේ සාමාන්‍ය නායයෑම් සිතියම්ගත කරනවා සේම, මෙලෙස ජල මාර්ග අවහිර වී ක්ෂණිකව ජල ගැලීම් ඇතිවිය හැකි අවදානම් සහිත ප්‍රදේශ ද කඩිනමින් සිතියම්ගත කර පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කිරීම වැදගත් වන බවය.

එමගින් සරසවිගම සිදු වූ ඛේදවාචක වැනි සිදුවීම් ඉදිරියට වළක්වා ගැනීමට හැකිවනු ඇති බව ද ඒ මහතා පැවසීය.

චතුර පමුණුව
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka