gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මහර තත්ත්වය සියයට සියයක් පාලනය වී නෑ...- බස්නාහිර DIG (Photos)

මහර බන්ධනාගාර පරිශ්‍රයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය මේ වන විට යම් මට්ටමකට පාලනය කර තිබුණ ද, එහි පාලනය තවමත් සියයට සියයකින් තහවුරු කර නොමැති බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව මැදවත්ත මහතා පවසයි.

පවතින තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් ඒ මහතා අවධාරණය කළේ, බන්ධනාගාරයේ පාලනය සම්පූර්ණයෙන්ම අත්පත් කර ගැනීම සඳහා ආරක්ෂක අංශ තවමත් දැඩි පරිශ්‍රමයක නිරත වන බවයි.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව, පොලිසිය, විශේෂ කාර්ය බලකාය මෙන්ම යුද හා නාවික හමුදාවන් එක්ව මෙම ඒකාබද්ධ මෙහෙයුම ක්‍රියාත්මක කරන බව ද ඔහු සඳහන් කළේය.

"අපි මේ තත්ත්වය යම් මට්ටමකට පාලනය කරලා තියෙන්නේ. නමුත් තවමත් මේක සියයට සියයකම පාලනයක් නෑ. ඒ නිසා විශාල පරිශ්‍රමයක් දරනවා මේක සම්පූර්ණයෙන්ම පාලනය කරගන්න," යැයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් පැවසීය.

ආරක්ෂක අංශවල මූලික අරමුණ වී ඇත්තේ කිසිදු ජීවිත හානියක් හෝ තුවාල සිදුවීමක් අවම කරගනිමින් මෙම නොසන්සුන්තාව සමනය කිරීමයි.

මේ අතර, බන්ධනාගාරය අවට ප්‍රදේශයේ තවදුරටත් පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන බැවින්, මහජනතාවට තම නිවෙස්වලට වී සහයෝගය ලබා දෙන ලෙස ආරක්ෂක අංශ ඉල්ලා සිටී.

බන්ධනාගාරය නැරඹීමට පැමිණීමෙන් හෝ මාර්ගවල රැස්වීමෙන් වළකින ලෙසත්, එවැනි ක්‍රියා ආරක්ෂක අංශවල රාජකාරි කටයුතුවලට දැඩි බාධාවක් වන බවත් සංජීව මැදවත්ත මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.


මහර බන්ධනාගාරයේ ඇතුළත 
මේ දැන් ලැබුණු ඡායාරූප





-lankacnews




gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka