gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

“පීනන්න නම් වතුරට බහින්නම වෙනවා” - කංජිපානි ඇල්ලීමේ මෙහෙයුම ගැන ඕලුගලගෙන් සැර උත්තරයක් - ඉෂාරා සෙව්වන්දි මාංචු නැතුව ගිය හැටිත් හෙළිවෙයි

පාතාලයේ නායකයකු ලෙස සැලකෙන කංජිපානි ඉම්රාන් අත්අඩංගුවට ගැනීම සඳහා විදේශයකදී ක්‍රියාත්මක කළ විශේෂ මෙහෙයුම අසාර්ථක එකක් නොවන බව වලාන දූෂණ මර්දන අංශයේ අධ්‍යක්ෂ, සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල අවධාරණය කරයි.

වෙනත් රටක නීති පද්ධතියකට යටත්ව සහ එහි නීතිරීතිවලට ගරු කරමින් මෙවැනි මෙහෙයුමක් සිදුකිරීම ලෙහෙසි පහසු නැති බවත්, ඒ සඳහා විශාල අවදානමක් දැරීමට සිදු වූ බවත් අදහස් දක්වමින් ඔහු පැවසීය.

“මම කියන්නේ නැහැ ඒක අසාර්ථකයි කියලා. සමහර වෙලාවට පීනන්න නම් අපිට වතුරට බහින්නම වෙනවා. මම හිතන්නේ ඒක සාර්ථක මෙහෙයුමක්. අපි වතුරට බැස්සා” යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර, ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි පසුගියදා රක්ෂිත බන්ධනාගාරගත කිරීමේදී ඇයට විශේෂ සැලකිලි ලැබුණු බවට නැගුණු චෝදනා සම්බන්ධයෙන්ද සහකාර පොලිස් අධිකාරි ඕලුගල කරුණු පැහැදිලි කළේය.

දේශපාලනඥයන් පවා වැරදිකරුවන් වූ පසු මාංචු දමා රැගෙන යද්දී, ඉෂාරා සෙව්වන්දි මාංචු පවා නොමැතිව සුඛෝපභෝගී ලෙස ‘සූට්කේස්’ එකක්ද අතැතිව බන්ධනාගාරයට රැගෙන යන අයුරු ජනමාධ්‍යවල පළවීමත් සමඟ සමාජයේ දැඩි කතාබහක් නිර්මාණය විය.

එම චෝදනාවලට පිළිතුරු දෙමින් සහකාර පොලිස් අධිකාරි ඕලුගල කියාසිටියේ, අධිකරණයේ සිට සැකකාරිය භාරදුන්නේ බන්ධනාගාර දෙපාර්තමේන්තුවට බවත්, මාංචු නොදමා රැගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර බලධාරීන් විසින් අභ්‍යන්තර පරීක්ෂණයක් දැනටමත් ආරම්භ කර ඇති බවත්ය.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka