සිනමා සක්විති ගාමිණී ෆොන්සේකාගේ පුත් දම්මිත් ෆොන්සේකා අත්අඩංගුවට (VIDEO)
සීගිරිය අභයභූමියේ පුද්ගලික ඉඩමක වනජීවී දෙපාර්තමේන්තුවෙන් අවසරයක් නොගෙන වගා ළිඳක් කැපීම සහ ගස් කැපීමේ චෝදනාව යටතේ ප්‍රවීණ චිත්‍රපට නළු ගාමිණී ෆොන්සේකා මහතාගේ පුත් දම්මිත් ෆොන්සේකා ඇතුළු පුද්ගලයන් දෙදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇප මත නිදහස් කර තිබෙනවා.
සීගිරිය වනජීවී නිලධාරීන් සඳහන් කරන්නේ, අත්අඩංගුවට පත් පිරිසට අමතරව වගා ළිඳ කැපීම සඳහා යොදාගත් බැකෝ යන්ත්‍රයක්, ලොරි රථයක්, කපන ලද ගස්වල දැව කඳන් මෙන්ම ට්‍රැක්ටර් රථයක් ද භාරයට ගෙන ඇති බවයි.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින්, සීගිරිය වනජීවී කාර්යාලයේ අඩවි ආරක්ෂක එස්.එස් මලින්ද මහතා සඳහන් කළේ සීගිරිය අභයභූමියේ පෞද්ගලික ඉඩමක හෝ කිසියම් කැණීමක්, දැව කැපීමක්, ඉදිකිරීමක් ආදී යමක් සිදු කරන්නේ නම් වනජීවී දෙපාර්තමේන්තුවේ අවසර ලබාගෙන සිදුකළ යුතු බවයි.
සීගිරිය අභය භූමිය ඇතුළත ඇති පෞද්ගලික ඉඩමක බැකෝ යන්ත්‍ර යොදාගෙන වගාළිඳක් කපන බවත් ඒ සඳහා භූමියේ තිබූ ගස් කපා දමා ඇතැයි වනජීවී නිලධාරීන්ට ලද තොරතුරක් අනුව මෙම වැටලීම සිදුකොට සැකකරුවන් තුන්දෙනා සහ එම යන්ත්‍ර මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට පත් සැකකරුවන් වනජීවී නිලධාරීන්ට පවසා ඇත්තේ පෞද්ගලික ඉඩමක් නිසා තමන් එම නීතිය පිළිබඳව නොදැනුවත්ව මෙය සිදුකළ බවයි.
කෙසේ වෙතත් අත්අඩංගුවට පත් සැකකරුවන් වනජීවී දෙපාර්තමේන්තුවේ නීති ප්‍රකාරව ඇප මත නිදහස් කොට ඇති අතර, ඔවුන් ලබන 31 වැනිදා දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
මේ පුවත තව අයට බලන්න
සිනමා සක්විති ගාමිණී ෆොන්සේකාගේ පුත් දම්මිත් ෆොන්සේකා අත්අඩංගුවට (VIDEO)
2026-08-30T08:55:00+05:30
Gossip Lanka Hot News






