gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

බැසිල්ගේ ඇප මුදල් රාජසන්තක කරයි

අයථා ලෙස උපයන ලද මුදල් යොදවා මාතර, බ්‍රවුන්ස්හිල් ප්‍රදේශයෙන් අක්කර එකහමාරක ඉඩමක් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා තැන්පත් කර තිබූ ඇප මුදල් රාජසන්තක කිරීමට මාතර ප්‍රධාන මහෙස්ත්‍රාත් (18) නියෝග කළේය.

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මඟින් පවරා ඇති මෙම නඩුව අද දින කැඳවූ අවස්ථාවේදී, එහි තෙවන විත්තිකරු වන බැසිල් රාජපක්ෂ මහතා අධිකරණයට ඉදිරිපත් නොවීය.

ඔහු අධිකරණයට පිළිගත හැකි මට්ටමේ වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් නොකර දිගින් දිගටම නඩු වාර මඟහරින බව නිරීක්ෂණය කළ මහෙස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.

මීට අමතරව, බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් ශරීර ඇප ඉදිරිපත් කළ ඇපකරුවන් තිදෙනාට දඩ මුදල් නියම කළ අධිකරණය, එම දඩ මුදල් නොගෙවන්නේ නම් ඔවුන් බන්ධනාගාරගත කිරීමට ද නියෝග කළේය.

සැකකරුට එරෙහිව නිකුත් කර තිබූ වරෙන්තුව 2026 ඔක්තෝබර් මස 27 වන දින දක්වා දීර්ඝ කිරීමට ද මෙහිදී පියවර ගැනිණි.

නඩුවේ පළමු සහ දෙවන සැකකරුවන් අද දින අධිකරණයේ පෙනී සිටි අතර, පැමිණිලි පාර්ශ්වය වෙනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කරුණු වාර්තා කළහ.

විත්තිකාර බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනිල් ද සිල්වා මහතා ඇතුළු නීතිඥ මණ්ඩලයක් පෙනී සිටියහ.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka