gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ග්‍රෙගරිවැවේ වතුර පෙවුනොත් මිය යනවා - මන්ත‍්‍රී

නුවරඑළිය ග්‍රෙගරිවැවේ වතුර පෙවුනොත් මිය යෑමට ඉඩ ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්විමේදි අවධාරණය කල බව කමිටුවේ නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේ සභාපති සහ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවිරආරච්චි මහතා පැවසීය.

(25) දින නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ආශ්චර්ය ශාලාවේ පැවති දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදි මධ්‍යම පරිසර අධිකාරිය මගින් ඒ බව විද්‍යාත්මකව තහවුරු කල බව (26) දින මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේ සභාපති සහ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවිරආරච්චි මහතා පැවසීය.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක්වූ මංජුල සුරවීරආරච්චි මහතා කියා සිටියේ,

“ඇත්තටම දැන් මම හිතන්නේ ඉතාමත් දූෂිතම වතුර සහිත ස්ථානයක් තමයි ග්‍රෙගරිවැව කියලා කියන්නේ. මොකද මේක සුදු අධිරාජ්‍යවාදීන්ගේ කාලයේ ඔවුන් විසින් මේ වැව තවත් වැව් 5-6ක් වටේ තියන ඒවා හරහා සංරක්ෂණයව පෝෂණයවන වතුර වලින් පිරෙන විදිහට තමයි සකස් කරලා තියෙන්නේ. ඒ නිසා වැව කුඩා වැව් සියල්ලම කාලයක් තිස්සේ ගොඩවෙලා තිබුණ නිසා මේකට දැන් අනවශය විදිහේ සියලුම දේවල් බැරලෝහ වර්ග, පොස්ෆේඩ් ජලයේ තිබිය යුතු සිය දහස් ගුණයක ජලයේ සංයුතිය වෙනස් වුණ භයානක රජායණික සාන්ද්‍රණයක් තමයි හැදිලා තියෙන්නේ.

DCB එකෙත් කථා කරා ඒ වග කියයුතු නිළධාරියා මේකේ අනතුරක් නිසා නෙවෙයි මැරෙන්නේ. මේකට වැටිලා වතුරේ පෙවිලා අනිවාර්යයෙන් මැරෙන්න පුළුවන් කියන තත්වයක් අනුව තමයි කථා කරේ. ඒකෙදි තමයි අපිට තේරුනේ මේකේ තියන සංකීර්ණකම මේක අයාලේ කාලයක් තිස්සේ නඩත්තු නොකර ප්‍රමිතීන්ට අනුව භාවිතා නොකර ඉබාගාතේ මේවා පාලනය වෙන්න ඉඩහැරපු එකේ ප්‍රථිඵල.

දැන් නගරාධිපතිතුමාටත්, අපිටත්, දිසාපතිතුමියටත්, ආණ්ඩුකාරතුමාටත්, පරිසර නිළධාරින්ටත්, වාර්මාර්ග දෙපාර්තමේන්තුවටත් පැවරිලා තියනවා මේක හරි විදිහට සකස් කරලා දෙන්න. 

කදු ආශ්‍රිත ප්‍රදේශයක කෘමිනාශක ගහන ඒවා, පොහොර, රසායනික ද්‍රව්‍ය අනෙකුත් දේවල්, මිනිස්සු පාවිච්චි කරන දේවල් සියල්ලම මේකට ඇවිත් තැම්පත් වුණාට පස්සේ ඒක විශ තැනක් බවට පත් වෙනවා. විශ ජල සාන්ද්‍රණයක් බවට පත් වෙනවා. රසායනික ක්‍රියාවලියකට පත් වෙනවා.

ඒකට පරිසර අමාත්‍යාංශයත්, විශේෂයෙන්ම නාගරික සංවර්ධන අධිකාරියත්, වාර්මාර්ග දෙපාර්තමේන්තුවත් එකතුවෙලා ඒකාබද්ධ කමිටුවක් හරහා ඉදිරි ක්‍රියාමාර්ග සැළසුම් කරලා තියනවා.

විශේෂයෙන්ම ග්‍රෙගරිවැවේ ජලය ගත්තොත් පොස්ෆේඩ් තිබිය යුතු ප්‍රමාණය මිලිග්රෑම් 0.20ක් හැබැයි මේකේ දැනට තියනවා මිලිග්රෑම් 1.04ක්.

ඒ කියන්නේ සෑහෙන්න වැඩි වීමක් ඒ. මිලිග්රෑම් 0.20ක් තිබිය යුතු එකක මිලිග්රෑම් 1.04ක් තියනවා කියන්නේ සෑහෙන්න විකෘතියක්.

ඒ වගේම නයිට්‍රජන් ප්‍රමාණය තියෙන්න ඕන ජලයේ ගත්තොත් මිලිග්රෑම් 0.50ක්. හැබැයි මේකේ තියනවා මිලිග්රෑම් 3.70 දක්වා අති විශාල ජල සාන්ද්‍රණයේ වෙනස් වීමක් තියනවා.

ජෛව රසායනික ඔක්සිජන් ඉල්ලුම මිලිග්රෑම් 9.72ක් දක්වා වැඩි වෙලා තියනවා. ඒ කියන්නේ මේක පානය කළොත් මනුස්සයකුට ජීවිතය අහිමි වෙන්න පුළුවන් කියන බරපතල ප්‍රකාශයක් තමයි ඒ විග්‍රහය ඇතුලේ තිබුණේ.

දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු රැස්වීමේදි තමයි පළමු වරට හෙළදරව් වුණේ මේක මම දැනගත්තේ”. යනුවෙන් පැවසීය.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka