gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

22 ගේන්නේ ජනතාව වෙනුවෙන්... හකුලන්නේම නෑ.. කරනවාමයි..- ජනපති

නීතිය ඉදිරියේ සැවොම සමාන බව තහවුරු කිරීම සහ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය වේගවත් කිරීම තම රජයේ ප්‍රමුඛතම කාර්යය බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි. මීගමුව පෙරියමුල්ල අල් හිලාල් මධ්‍ය මහා විද්‍යාලයේ පැවැති 42 වැනි ජාතික මීලාද්-උන් නබි රාජ්‍ය මහෝත්සවය අමතමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

මෙරට නීතිය ක්‍රියාත්මක වීමේදී ධනය, බලය සහ තරාතිරම මත පදනම්ව වෙනස්කම් සිදුවන බවට ජනතාව තුළ පැවති දීර්ඝකාලීන විශ්වාසය බිඳ දැමිය යුතු බව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය. "නීතිය ක්‍රියාත්මක වෙන්නේ පහළ අයට පමණයි, ඉහළ අයට නීතිය බලපාන්නේ නැහැ කියන මතය අපි වෙනස් කරනවා. ඔබ බලවත් වුවත්, දුබල වුවත්, ධනවත් වුවත්, දුප්පත් වුවත් නීතිය ඉදිරියේ සැවොම සමානයි යන සහතිකය අපි ලබා දෙනවා," යැයි ඔහු පැවසීය.

නව ව්‍යවස්ථා සංශෝධන (22 වන සංශෝධනය) පිළිබඳව අදහස් දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කළේ, එමගින් අපේක්ෂා කරන්නේ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය වේගවත් කිරීම සහ සමාජ යහපත තහවුරු කිරීම බවයි.

ජනතාව වෙනුවෙන් ගන්නා එවැනි තීන්දු සඳහා කුඩා කුඩා විරෝධතා එල්ල වුවද, එම තීරණ කිසිසේත් ආපසු හැරවීමට කටයුතු නොකරන බව ඔහු දැඩිව අවධාරණය කළේය.

ඕනෑම තීරණයක් ගැනීමට පෙර සෑම අංශයකින්ම ඒ පිළිබඳව සොයා බලන නමුත්, වරක් ගත් තීන්දුවක් ජනතාවගේ යහපත වෙනුවෙන් නොවෙනස්ව ක්‍රියාත්මක කරන බව ජනාධිපතිවරයා මෙහිදී සහතික විය.

රාජ්‍ය සේවය වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා ඉදිරි වසරක කාලය තුළ සියලුම රාජ්‍ය ගනුදෙනු නිවසේ සිටම මාර්ගගත (Online) ක්‍රමය ඔස්සේ සිදු කළ හැකි පද්ධතියක් හඳුන්වා දෙන බව ජනාධිපතිවරයා පැවසීය. එමෙන්ම, රාජ්‍ය සේවකයන් සඳහා 2025 සහ 2026 වසරවලදී වැටුප් වර්ධක ලබා දීමට දැනටමත් සැලසුම් කර ඇති බවත්, ලබන වසරේ ජනවාරි මාසයේ සිට නව වැටුප් වර්ධකයක් ලබා දීමට කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka