gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

අපි එදා කිවුවෙ මන්නාරමේ තෙල් නෑ කියල නෙමෙයි.. මහින්ද කිවුව විදිහ වැරදියි කියලයි..

මන්නාරම් ද්‍රෝණියේ තෙල් ගවේෂණය සම්බන්ධයෙන් රජයේ වර්තමාන ස්ථාවරය සහ අතීතයේ දැක්වූ අදහස් පිළිබඳව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා කරුණු පැහැදිලි කළේය. ඒ, කැබිනට් තීරණ දැනුම් දීම සඳහා පැවැති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදිනියක නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

මෙහිදී මාධ්‍යවේදිනිය විමසා සිටියේ, එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මන්නාරමේ තෙල් ඇති බව පැවසූ අවස්ථාවලදී, එය මැතිවරණ ඉලක්ක කරගත් ඡන්ද ගුණ්ඩුවක් බවට ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කළ බවත්, දැන් එම ස්ථාවරය වෙනස් වී ඇත්ද යන්නත්ය.

ඊට පිළිතුරු දෙමින් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කළේ, මන්නාරම් ද්‍රෝණියේ තෙල් පවතින බවට වන විද්‍යාත්මක දත්ත 1970 දශකයේ සිටම පවතින බවත්, තමන් කිසිවිටෙකත් එහි තෙල් සම්පතක් නොමැති බව ප්‍රකාශ කර නොමැති බවත්ය.

"අපි එදා තෙල් නැහැ කියලා කිව්වේ නැහැ. එදා අපි විවේචනය කළේ තෙල් තියෙනවා කියලා මැතිවරණ කාලසීමාවලදී ජනතාවට ලබාදුන් දේශපාලන පොරොන්දු ගැනයි. එදා කිව්වේ තෙල් බැරල් ගණන් බෙදනවා කියලා. නමුත් අපි කළේ ඒ දේශපාලන ප්‍රකාශ විවේචනය කිරීම මිස විද්‍යාත්මක දත්ත ප්‍රතික්ෂේප කිරීම නොවෙයි," යනුවෙන් අමාත්‍යවරයා පැහැදිලි කළේය.

තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හරහා මේ වන විටත් තෙල් ගවේෂණය සඳහා වන බලපත්‍ර ලබාදීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් විධිමත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙමින් පවතින බවත්, ඒ සඳහා අවශ්‍ය පියවර රජය විසින් ගනිමින් සිටින බවත් වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

-lankacnews
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka