gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

පාස්කු මහ නඩුවේ තීන්දුව එයි.. රහස් ප‍්‍රකාශයක් අධිකරණයේ සීල් තබා සෙප්පුවකට..

2019 වසරේ එල්ල වූ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාවට අදාළ නඩුවේ තීන්දුව ලබන සැප්තැම්බර් මස 22 වනදා ප්‍රකාශයට පත් කිරීමට කොළඹ මහාධිකරණ ත්‍රෛපුද්ගල විනිසුරු මඩුල්ල අද (24) තීරණය කළේය. මෙම නඩුවේ විභාග කටයුතු අද දින අවසන් වූ අතර, ඊට අදාළ ලිඛිත දේශන ලබන මස 08 වනදාට පෙර ඉදිරිපත් කරන ලෙස විනිසුරු මඩුල්ල දෙපාර්ශ්වයටම නියෝග කර තිබේ.

දීර්ඝ කාලයක් තිස්සේ විභාග වූ මෙම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම සඳහා මෙලෙස දින නියම විය.

මේ අතර, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාග වන නඩුවකට අදාළව වවුනියාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු අද දින රහස් ප්‍රකාශයක් ලබා දී ඇත.

කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා හමුවේ මෙම ප්‍රකාශය සටහන් කර ඇති අතර, ඒ සඳහා පැයකට ආසන්න කාලයක් ගත වී තිබේ.

වවුනියාව යුද හමුදා බුද්ධි අංශය භාරයේ තිබී පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දුන් බුද්ධි වාර්තාවල අඩංගු තොරතුරු මත පදනම්ව මෙම පුද්ගලයාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අවශ්‍ය බව CIDය අධිකරණයට දන්වා තිබුණි.

මහේස්ත්‍රාත්වරයා හමුවේ ලබා දුන් මෙම රහස් ප්‍රකාශය මුද්‍රා තබා අධිකරණයේ ආරක්ෂිත සේප්පුවේ තැන්පත් කිරීමට පියවර ගෙන ඇත.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka