gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඡන්දයක් නොතියා මේ ආණ්ඩුව දිගටම ගෙනියන්න ජනමත විචාරණයක්..

රජය විසින් ක්‍රියාත්මක කිරීමට සැරසෙන ව්‍යවස්ථා සංශෝධනය සහ ජනමත විචාරණය, අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වය අඩාල කරමින් ජනාධිපතිවරයාගේ සහ පාර්ලිමේන්තුවේ කාලය දීර්ඝ කරගැනීම සඳහා දියත් කරන ව්‍යාජ උත්සාහයක් බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා චෝදනා කරයි.

මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ, 2028 වසරේ ණය ගෙවීමට ප්‍රථම ජනමත විචාරණයක් පවත්වා වත්මන් පාලන කාලය දීර්ඝ කරගැනීමට ආණ්ඩුව උත්සාහ කරන බවයි.

මෙහිදී තමන්ට හිතවත් විනිසුරුවරුන් පත්කර ගැනීම හෝ ඔවුන්ගේ සේවා කාලය දීර්ඝ කරගැනීම හරහා දේශපාලන අභියෝග ජය ගැනීමට රජය සැලසුම් කර ඇති බව ද ඔහු පෙන්වා දුන්නේය.

යුක්තිය මෙහෙයුම හරහා දසදහස් ගණනින් පිරිස් අත්අඩංගුවට ගැනීම හේතුවෙන් බන්ධනාගාර පද්ධතිය දැඩි අර්බුදයකට පත්ව ඇති බව රණවක මහතා මෙහිදී අවධාරණය කළේය.

"පුද්ගලයින් 800ක් සිටිය යුතු ස්ථානයක 4,000ක් පමණ රඳවා සිටිනවා. රිමාන්ඩ් බන්ධනාගාරය යනු දඬුවම් ලැබූවන් සිටින තැනක් නොවෙයි. නමුත් අද එහි සිටින පිරිසට නිදා ගැනීමටවත් ඉඩක් නැහැ. මෙය මිනිසුන් ප්‍රකෝප කරවන, පාතාලය මෙහෙයවන තැනක් බවට පත්වෙලා," යැයි ඔහු පැවසීය.

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් ඇප ලබාගැනීමේදී පවතින නීතිමය බාධා සහ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ පවතින දැඩි නඩු ප්‍රමාදය හේතුවෙන් සැකකරුවන් දීර්ඝ කාලයක් බන්ධනාගාර ගතව සිටීමට සිදුව ඇති බවත්, එම ගැටලුවලට විසඳුම් සෙවීමට රජය අපොහොසත් වී ඇති බවත් ඔහු සඳහන් කළේය. ඩිජිටල් අධිකරණ පද්ධතියක් ගැන කතා කළ ද තවමත් ක්‍රියාත්මක වන්නේ වසර සියයකට පෙර පැවති පැරණි ක්‍රමවේදයම බව ද ඔහු විවේචනය කළේය.

1977 වසරේ සිට ජේ.ආර්. ජයවර්ධන මහතා අනුගමනය කළ ක්‍රමවේදයටත් වඩා අන්ත ක්‍රමවේදයක් වත්මන් පාලනය විසින් අනුගමනය කරමින් සිටින බවත්, එහි ප්‍රතිඵල රටම අත්විඳ ඇති බවත් හිටපු අමාත්‍යවරයා සිහිපත් කළේය. මහර බන්ධනාගාර සිද්ධිය, කන්ටේනර් ජාවාරම්, ගල්අඟුරු වංචා සහ මහා භාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන ගණනින් අතුරුදන් වීම වැනි සිදුවීම් සම්බන්ධයෙන් වගකිවයුත්තන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකර, දේශපාලන අරමුණු වෙනුවෙන් අධිකරණය සහ ව්‍යවස්ථාව භාවිත කිරීම බරපතළ තත්ත්වයක් බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka