gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

ජනපති ඔබ අමතන ජන රැලියේ යෝද කටවුට් පොලිස් වැටේ..

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් දිවයින පුරා පැවැත්වීමට නියමිත ජනරැලි මාලාවේ  කළුතර දිස්ත්‍රික් ජනරැලිය එළඹෙන 6 වැනිදා බේරුවල ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ. කෙසේ වෙතත්, මෙම රැලිය වෙනුවෙන් බේරුවල ප්‍රදේශයේ ප්‍රදර්ශනය කර ඇති දැවැන්ත ප්‍රචාරක පුවරුවක් සම්බන්ධයෙන් මේ වන විට සමාජ මාධ්‍ය ජාලාවල කතාබහක් සහ විවේචනයක් මතු වී ඇත.

අදාළ ප්‍රචාරක පුවරුව පොලිස් ස්ථානයකට අයත් වැට මායිමක සවිකර ඇතැයි පවසමින් සමාජ ජාලා වෙත වීඩියෝ එක් කර ඇත. 

මෙම ජනරැලිය ඉලක්ක කරගනිමින් කළුතර දිස්ත්‍රික්කය පුරා මේ වන විටත් දැවැන්ත ප්‍රචාරක ව්‍යාපාරයක් දියත් කර තිබේ.

දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගර සහ මංසන්ධි රැසක විශාල ප්‍රමාණයේ බැනර් සහ ප්‍රචාරක පුවරු ප්‍රදර්ශනය කර ඇති අයුරු දැකගත හැකිය.
-lankacnews
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka