gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

තවත් ලෙඩක් රනිල්ගේ ඇගේ හපේ.. ඥාති පුතෙක් බාර් පර්මිට් විකුණලා..

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහෝදරයෙකුගේ පුත්‍රයෙකුට මත්පැන් නිෂ්පාදන බලපත්‍රයක් ලබාදී ඇති බවත්, ඔහු එය සිය මිතුරන් දෙදෙනෙකුට අලෙවි කර කෝටි ගණනක මුදලක් උපයා ඇති බවත් සිවිල් බුද්ධි පෙරමුණේ කැඳවුම්කරු සංජය මහවත්ත මහතා චෝදනා කරයි. කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

මෙරට පවතින්නේ මත්පැන් නිෂ්පාදන බලපත්‍ර 13ක් වැනි ඉතා සීමිත සංඛ්‍යාවක් බවත්, එවැනි වටිනා බලපත්‍රයක් ලබා ගැනීම සඳහා විශාල මුදලක් වැය කිරීමට සිදුවන බවත් ඔහු පෙන්වා දුන්නේය.

හිටපු ජනාධිපතිවරයාගේ ඥාති පුත්‍රයාට මෙම බලපත්‍රය ලබාදීම පිටුපස බරපතළ දූෂණයක් පවතින බවත්, මේ සම්බන්ධයෙන් ඉදිරි සතියේදී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කරන බවත් මහවත්ත මහතා වැඩිදුරටත් පැවසීය.

එම මාධ්‍ය හමුවට එක්වූ ඒකාබද්ධ විපක්ෂයේ නිරංජන් කුමාර මහතා ද අදහස් දැක්වීය.

ඔහු හිටපු ජනාධිපතිවරයා සහ නීතිඥ සංගමයේ සභාපතිවරයා අතර පවතින සමීප සබඳතාවය ඡායාරූප සාක්ෂි සහිතව විවේචනයට ලක් කළේය.

පාතාල සාමාජිකයන්ගෙන් කප්පම් ලබාගත් බවට චෝදනා එල්ල වූ නීතිඥයන් තිදෙනෙකු සම්බන්ධයෙන් නීතිඥ සංගමය මෙතෙක් නිසි විනය පියවරක් ගෙන නොමැති බව ද ඔහු මෙහිදී ප්‍රශ්න කළේය.

මෙම දූෂණ සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් නම ගම් සහිත සියලු තොරතුරු ඉදිරියේදී රටට හෙළි කරන බව ද එම නියෝජිතයෝ වැඩිදුරටත් ප්‍රකාශ කළහ.

gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka