gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජනමත විචාරණය ගැන ආණ්ඩුව දෙකට බෙදේ..

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජනමත විචාරණයකට යාම පිළිබඳව ආණ්ඩු පක්ෂය තුළ මතභේදයක් සහ බෙදීමක් හටගෙන ඇති බව වාර්තා වේ. විශේෂයෙන් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් අතර පැවති සාකච්ඡාවකදී මෙම අර්බුදකාරී තත්ත්වය මතු වී තිබේ.
ඒක් පාර්ශවය සිටින්නේ මෙම සංශෝධනය සඳහා කිසිසේත්ම ජනමත විචාරණයක අවශ්‍යතාවක් නොමැති බවයි. ලැබී ඇති නීති උපදෙස් අනුව ජනමත විචාරණයකින් තොරව මෙය සම්මත කරගත හැකි බව ඔවුන්ගේ මතය වී ඇත.

කෙසේ වෙතත්, මෙම කරුණ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදෙන තීන්දුව මත ආණ්ඩුවේ ඉදිරි ගමන තීරණය වනු ඇත. යම් හෙයකින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජනමත විචාරණයක් පැවැත්විය යුතු බවට තීන්දු කළහොත්, එය ආණ්ඩුවට දේශපාලන වශයෙන් අවාසිදායක විය හැකි බවට පක්ෂයේ ඇතැම් ජ්‍යෙෂ්ඨයන් අනතුරු අඟවා තිබේ.

එවැනි තත්ත්වයක් හමුවේ අනුගමනය කළ යුතු විකල්ප සැලසුමක් පිළිබඳව ද ආණ්ඩුවේ අවධානය යොමු වී ඇත. එහිදී මතු වී ඇති ප්‍රධාන යෝජනාව වන්නේ, විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට පමණක් සීමා වූ ජනමත විචාරණයකට නොගොස්, සමස්ත ව්‍යවස්ථාවම සංශෝධනය කරන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳ යෝජනාවක් රටට ඉදිරිපත් කිරීමයි.

මේ අතර, පවතින සැබෑ ජනමතය මැන බැලීම සඳහා රජය විසින් දිවයින පුරා විශේෂ මත විමසුම් සමීක්ෂණයක් ද ආරම්භ කර තිබේ. ගම් මට්ටමේ ජනතාවගේ සහයෝගය මේ වන විට පවතින්නේ කුමන පාර්ශවයකට ද යන්න සහ ජනමත විචාරණයකට ගියහොත් එහි ප්‍රතිඵලය කුමක් විය හැකි ද යන්න තහවුරු කර ගැනීම මෙහි අරමුණ වී ඇත.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka