කුරැවිට බන්ධනාගාරයත් නොසන්සුන්.. රැදවියන්ට කදුළු ගෑස්..
කුරුවිට බන්ධනාගාරය තුළ හටගත් නොසන්සුන්කාරී තත්ත්වයක් පාලනය කිරීම සඳහා පොලිසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ. බන්ධනාගාරය තුළ ඇති වූ මෙම කලහකාරී වාතාවරණය මැඩපැවැත්වීම සහ තත්ත්වය සමනය කිරීම සඳහා මෙලෙස කඳුළු ගෑස් භාවිත කිරීමට පියවර ගත් බව පොලිසිය පවසයි.
ඊයේ රාත්‍රියේ ඇතිවූ නොසන්සුන්තාවක් පාලනය කලද අද උදෑසන රැඳවියන් අතර නැවතත් නොසන්සුන්තාවය ඇතිව තිබේ.
සිද්ධියට අදාළ වැඩිදුර තොරතුරු මෙතෙක් අනාවරණය වී නොමැති අතර, බන්ධනාගාරයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ආරක්ෂක අංශ මේ වන විටත් ක්‍රියාත්මක වෙමින් පවතින බව වාර්තා වේ.
කුරැවිට බන්ධනාගාරයත් නොසන්සුන්.. රැදවියන්ට කදුළු ගෑස්..
2026-08-07T09:53:00+05:30
Gossip Lanka Hot News





