gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

නිව් රත්න සහල් පුද්ගලික සමාගම වරදකරු වෙයි

නාඩු සහල් පාලන මිල ඉක්මවා සටහන් කර නිකුත් කිරීමට අධිකරණය විසින් නිව් රත්න සහල් පුද්ගලික සමාගමට රුපියල් ලක්ෂ 10ක (1,000,000/-) දඩයක් නියම කර තිබේ. ‘නිව් රත්න සහල් පුද්ගලික සමාගම’ (New Rathna Rice Pvt Ltd)” සහ එහි අධ්‍යක්ෂවරුන්ට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් පොළොන්නරුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවරූ නඩුවට අදාළව අධිකරණය විසින් මෙම තීන්දුව ලබා දී ඇත.

2022 වර්ෂයේදී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මඟින් නාඩු සහල් සඳහා පනවා තිබූ උපරිම සිල්ලර මිල (රු. 220/-) ඉක්මවා, රතු නාඩු සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 225/- බැගින් සටහන් කර අලෙවි කිරීම සඳහා වෙළෙඳපොළට සැපයීම මඟින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනතේ නීතිරීති හා විධානයන් උල්ලංඝනය හේතුවෙන් මෙලෙස නඩු පවරන ලදී.

පසුගිය දා (06) මෙම නඩුව පොළොන්නරුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අතර, එහිදී ලබාදුන් තීන්දුව අනුව විත්තිකාර නිව් රත්න සහල් පුද්ගලික සමාගම අදාළ චෝදනාවට වරදකරු කිරීමට ගරු මහෙස්ත්‍රාත් අධිකරණය තීන්දු කළේය.

ඒ අනුව විත්තිකරුවන්ට රුපියල් මිලියනයක (ලක්ෂ 10ක) දඩ මුදලක් නියම කිරීමට ගරු අධිකරණය විසින් පියවර ගෙන තිබේ.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka