gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

එක් නඩුකාරයෙක් වෙනුවෙන් වයස වැඩි කිරීම හොඳ නෑ..- මල්වතු නාහිමියන් නලින්ද, හර්ෂණ ඇමතිලාට මුහුණටම කියති..

අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මල්වතු පාර්ශ්වයේ මහා නාහිමියන් දැනුවත් කිරීම සඳහා අමාත්‍යවරුන් පිරිසක් අද (03) උන්වහන්සේ බැහැදැක තිබේ. අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර සහ සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස යන මහත්වරුන් මෙම හමුව සඳහා එක්ව සිටියහ.

මෙහිදී අදහස් දැක්වූ මල්වතු මහා නාහිමියන් අවධාරණය කළේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන්නේ නම්, එම සහනය සියලුම රාජ්‍ය සේවකයන්ට ද ලබා දිය යුතු බවයි.

එක් පුද්ගලයෙකු හෝ එක් පිරිසක් පමණක් ඉලක්ක කර ගනිමින් මෙවැනි සංශෝධන සිදු කිරීම සුදුසු නොවන බව උන්වහන්සේ පෙන්වා දුන්හ.

"හැම නඩුකාරයෙක්ටම වගේම රජයේ හැම නිලධාරියෙක්ටම වයස දීර්ඝ කිරීමක් තියෙනවා නම් හොඳයි. එක්කෙනෙක් ඉලක්ක කරලා මේක කරන එක හොඳ නැහැ," යනුවෙන් මහා නාහිමියෝ මෙහිදී ප්‍රකාශ කළහ.

මහා නාහිමියන් වෙත කරුණු පැහැදිලි කළ අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා සඳහන් කළේ, ලෝකයේ බොහෝ රටවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 70 හෝ ඊට වැඩි බවයි.

අධිකරණයේ ස්වාධීනත්වය රැක ගැනීමට සහ පවතින විනිසුරු හිඟයට පිළියමක් ලෙස මෙම පියවර ගන්නා බව අමාත්‍යවරයා පැවසීය.

විනිසුරුවරුන් 50 දෙනෙකු බඳවා ගැනීමට අයදුම්පත් කැඳවූ අවස්ථාවේදී ඉදිරිපත් වූයේ 33 දෙනෙකු පමණක් බවත්, එම නිසා මෙම වයස් සීමාව දීර්ඝ කිරීම අත්‍යවශ්‍ය වී ඇති බවත් පෙන්වා දුන්නේය.

මෙම පනත් කෙටුම්පත සඳහා නීතිපතිවරයාගේ අනුමැතිය හිමිව ඇති බවත්, ඉදිරියේදී එය ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවත් අමාත්‍යවරුන් මෙහිදී වැඩිදුරටත් සඳහන් කළහ.

මෙය කිසිසේත්ම එක් පුද්ගලයෙකු ඉලක්ක කර ගනිමින් සිදු කරන්නක් නොවන බව ද ඔවුහු මහා නාහිමියන් හමුවේ ප්‍රකාශ කළහ.
-lankacnews

gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka