gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

බණ්ඩාර කපා දික්වැල්ල ටීම් එකට එබුවේ කවුද?

නිරෝෂන් දික්වැල්ල හිටි අඩියේ ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමට ගෙන ඒම පිළිබඳව කපිල විජේගුණවර්ධන ප්‍රමුඛ ක්‍රිකට් තේරීම් කමිටුවට එරෙහිව මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රබල විරෝධයක් එල්ල වෙමින් පවතී.

ලාබාල ක්‍රීඩකයකු වන අංජල බණ්ඩාර දිගටම ලකුණු අතර සිටියදීත් ඔහු වෙනුවට තම ටෙස්ට් දිවිය තුළ එක ශතකයක් හෝ රැස් නොකර කණ්ඩායමෙන් ඉවතට ගොස් සිටි දික්වැල්ල මෙසේ ඉන්දියාව සමග ප්‍රථම ටෙස්ට් තරගය සඳහා කඩුලු රකින්නා ලෙස නම් කිරීම බොහෝ දෙනාගේ මවිතයට හේතු වී තිබේ.

කපිල විජේගුණවර්ධන ප්‍රමුඛ තේරීම් කමිටුව පත් කිරීමට පෙර ඉවත් කෙරුණු ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ ප්‍රමුඛ තේරීම් කමිටුව විසින් ක්‍රීඩක වාර්ෂික කොන්ත්‍රාත්තු වලට හෝ දික්වැල්ල තෝරා ගෙන නොතිබුණත් නව තේරීම් කමිටුව පත්වූ විගස දික්වැල්ල ක්‍රීඩක කොන්ත්‍රාත් ලැයිස්තුවටද ඇතුලත් කෙරුණේ බොහෝ දෙනා විමතියට පත් කරමිනි.

දික්වැල්ලගේ හදිසි ආගමනය පිටුපස ක්‍රිකට් පරිවර්තන කමිටු ප්‍රධානියකු හා සම්බන්ධ ආගමික නිකායකයක සම්බන්ධයක් හා එක්තරා මතබේදාත්මක ක්‍රිකට් කළමනාකරුවකුගේ සම්බන්ධයක් තිබෙන බවට මතයක්ද පවතී.

ඒ කෙසේ වෙතත් කපිල විජේගුණවර්ධන ප්‍රමුඛ තේරීම් කමිටුවේ සාමාජිකයන් ගැනද සමාජයේ පවතින මතයක් වනුයේ ඔවුන්ට නැගී එන ක්‍රිකට් ක්‍රීඩකයන් සම්බන්ධව අවබෝධයක් නොමැති බවයි.

තේරීම් කමිටු සාමාජිකයන්ට ක්‍රිකට් පුහුණුවේ යෙදීම තහනම් වුවත් නව කමිටුවේ සාමාජික බ්‍රෙන්ඩන් කුරුප්පු ප්‍රසිද්ධ ක්‍රීඩාංගණ දෙකක තවමත් පුහුණු ඇකඩමි පවත්වාගෙන යයි.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka