gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

අල්ලසෙන් රවිගේ සොයා ගොස් ඇත්තේ වෙන දිනයකට එකග වී තිබියදී...

පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතාගේ නිවස වෙත අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් අද ගොස් තිබුනේ විමර්ශනයක් සඳහා කොමිසම හමුවේ පෙනී සිටින ලෙස කළ දැනුම්දීම මන්ත්‍රීවරයා විසින් මගහැර ඇති බව කියමිනි.

මාධ්‍ය වාර්තා සඳහන් කළේ, අදාළ විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා මන්ත්‍රීවරයාට දැනුම් දී තිබුණද ඔහු ඒ සඳහා ඉදිරිපත් නොවීම හේතුවෙන් නිලධාරීන් මෙලෙස ඔහුගේ නිවසට ගොස් ඇති බවයි.

කෙසේ වෙතත්, මෙම සිදුවීම සම්බන්ධයෙන් රවී කරුණානායක මහතාගේ පාර්ශවයෙන් කළ විමසීමකදී ඔහුගේ සමීපතමයෙකු අවධාරණය කළේ මන්ත්‍රීවරයා කිසිසේත්ම කොමිසම මගහැරීමට කටයුතු කර නොමැති බවයි.

නියමිත දිනට පැමිණීමට නොහැකි බව සිය නීතිඥවරුන් මාර්ගයෙන් කොමිසමට දැනුම් දී තිබූ බවත්, ඒ සඳහා වෙනත් දිනයක් ලබා දීමට කොමිසම එකඟ වී තිබූ පසුබිමක නිලධාරීන් මෙලෙස නිවසට පැමිණ ඇති බවත් එම පාර්ශවය පෙන්වා දෙයි.

මන්ත්‍රීවරයාගේ නීතිඥවරුන් වැඩිදුරටත් තහවුරු කළේ, එකඟ වූ පරිදි ඉදිරි දිනකදී ඔහු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටීමට සූදානමින් සිටින බවයි.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka