අල්ලස් කොමිසමේ ශාඛා 24ක් රට පුරා දානවා... ඉහළ වැටුප් සහිතව නිලධාරීන් 373 දෙනෙක් බඳවා ගන්න අවසර දුන්නා – ජනපති අනුර
වත්මන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කොළඹ එක් ස්ථානයකට පමණක් සීමා වී ඇති බැවින්, ඕනෑම ප්‍රදේශයක සිදුවන අල්ලස් චෝදනාවක් කොළඹට රැගෙන ඒමට සිදුව ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
ශ්‍රී ලංකා නීතිඥ සංගමය සමඟ පැවැති හමුවකදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කළේ, එම තත්ත්වය වෙනස් කරමින් අල්ලස් කොමිසමේ ශාඛා 24ක් රට පුරා විවෘත කිරීමට අපේක්ෂා කරන බවයි.
එම කටයුතු සඳහා නිලධාරීන් 373 දෙනෙකු බඳවා ගැනීමට අවසර ලබා දී ඇති අතර, සාමාන්‍ය රාජ්‍ය සේවයේ වැටුප් තලයට වඩා ඉහළ වැටුප් තලයක එම විමර්ශන නිලධාරීන් පත් කිරීමට ද පියවර ගෙන ඇති බව ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.
මේ පුවත තව අයට බලන්න
අල්ලස් කොමිසමේ ශාඛා 24ක් රට පුරා දානවා... ඉහළ වැටුප් සහිතව නිලධාරීන් 373 දෙනෙක් බඳවා ගන්න අවසර දුන්නා – ජනපති අනුර
2026-08-13T15:45:00+05:30
Gossip Lanka Hot News





