අට පාස් චාමර යටතේ සෙවනගල ලාභය බිලියන 2.5යි… උපාධිධාරී සුනිල් යටතේ 2025 පාඩුව බිලියනයයි… චාමර දුන් පඩියත් කැපුවැයි සේවකයන් වර්ජනයේ…!
සිය අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කළ වෘත්තීය සමිති නායකයන් මර්දනය කොට ආණ්ඩුව සෙවනගල සීනි කර්මාන්ත ශාලාව වසා දමා ඇතැයි පොදුජන ප්‍රගතිශීලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් බන්දුල සමන් කුමාර පවසයි.
මෙම කර්මාන්ත ශාලාව ආශ්‍රිතව පවුල් 4000ක පමණ උක් ගොවීන් සිය ජීවිකාව කරගන්නා බවත් කර්මාන්තශාලාවේ 1000ක පමණ සේවක පිරිසක් සිටින බවත් හෙතෙම පෙන්වා දෙයි.
ජවිපෙ විපක්ෂයේ සිටියදීද වැඩවර්ජනය කැඳවමින් කර්මාන්ත ශාලා වසා දැමූ බවටත් අද ආණ්ඩු බලය ලබා ගෙනද කර්මාන්ත ශාලා වසා දමන බවටත් ඔහු චෝදනා කරයි.
2022-2023 වසරවල රුපියල් බිලියන 2.5කට වඩා ආදායමක් ලැබූ සෙවනගල සීනි කර්මාන්ත ශාලාව 2025 වසරේ රුපියල් බිලියනකට අධික පාඩුවක් ලබා ඇති බවටද ඔහු චෝදනා කරයි.
ජවිපෙ ඇතුළු වෘත්තීය සමිති හයක් වැඩවර්ජනයට යොමුව ඇත්තේ පසුගිය ආණ්ඩු සමයේ ලබා දුන් වැටුප් සහ ප්‍රසාද දීමනා මාස අටක් තිස්සේ කපා දැමීමට එරෙහිව බවත් පවතින ජීවන වියදම හමුවේ සිය වැටුප් කප්පාදුව සේවකයන්ට දරාගත නොහැකි බවද බන්දුල සමන් කුමාර පෙන්වා දෙයි.
ආණ්ඩුව සේවක ගැටලුවලට විසඳුම් ලබා නොදී අත්තනෝමතික ලෙස කර්මාන්ත ශාලාව වසා දැමීම නිසා සේවකයන් 1000කට අධික පිරිසකට රැකියාද පවුල් 4000කට සිය ආදායම අහිමි කොට ඇති බවද ඔහු අද (30) මාධ්‍ය හමුවක් අමතමින් ප්‍රකාශ කළේය.
-emanisa
අට පාස් චාමර යටතේ සෙවනගල ලාභය බිලියන 2.5යි… උපාධිධාරී සුනිල් යටතේ 2025 පාඩුව බිලියනයයි… චාමර දුන් පඩියත් කැපුවැයි සේවකයන් වර්ජනයේ…!
2026-08-31T00:48:00+05:30
Gossip Lanka Hot News






