gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ශානි අබේසේකර නියෝජ්‍ය පොලිස්පති ධුරයට පත් කෙරේ.. 2020 සිට ධුරය බලාත්මකයි...

පරිපාලන අභියාචනා විනිශ්චයාධිකාරය ලබා දුන් නියෝගයක් බලාත්මක කරමින්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කිරීමට පොලිස්පතිවරයා පියවර ගෙන තිබේ. මෙම උසස්වීම 2020 අගෝස්තු මස 25 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි ලබා දී ඇති අතර, ඒ පිළිබඳ නිල පොලිස් පණිවිඩය අද (07) පස්වරුවේ නිකුත් කර ඇත.

නව උසස්වීමත් සමඟ ශානි අබේසේකර මහතා හෙට (08) සිට ක්‍රියාත්මක වන පරිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධුරයෙන් ඉවත් වීමට නියමිතය.

මීට පෙර ඔහුට අහිමි වූ උසස්වීම් ලබා දෙන ලෙස පරිපාලන අභියාචනා විනිශ්චයාධිකාරය විසින් ලබා දුන් තීන්දුවකට අනුව පොලිස් මූලස්ථානය මෙම පියවර ගෙන තිබේ.

gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka