gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ශ්‍රී ලංකාව ඉහළ - මධ්‍යම ආදායම් ලබන රටක් ලෙස ලෝක බැංකු වර්ගීකරණයට!

ලෝක බැංකු සමූහය (World Bank Group) විසින් 2026 ජූලි 1 වැනිදා නිකුත් කළ නව රටවල ආදායම් වර්ගීකරණයට අනුව ශ්‍රී ලංකාව පහළ-මධ්‍යම ආදායම් ලබන රටක (Lower-Middle Income Country) සිට ඉහළ-මධ්‍යම ආදායම් ලබන රටක් (Upper-Middle Income Country) බවට උසස් කර තිබේ.

මෙවර යාවත්කාලීන වර්ගීකරණයට රටවල් 218ක් ඇතුළත් කර ඇති අතර, ශ්‍රී ලංකාව සමඟ ජෝර්දානය, මයික්‍රොනීසියාව, පිලිපීනය සහ වියට්නාමය ද පහළ-මධ්‍යම ආදායම් කාණ්ඩයේ සිට ඉහළ-මධ්‍යම ආදායම් කාණ්ඩයට උසස් කර ඇත. එමෙන්ම ටෝගෝ පහළ ආදායම් කාණ්ඩයේ සිට පහළ-මධ්‍යම ආදායම් කාණ්ඩයට ඇතුළත් කර තිබේ.

ලෝක බැංකුව පවසන්නේ, මෙම රටවල් එකම ආදායම් සීමාව පසුකර ගියද, ඒ සඳහා හේතු වූ ආර්ථික ගමන්මඟ එකිනෙකට වෙනස් වූ බවයි. ඇතැම් රටවල් ආර්ථික අර්බුදවලින් යථා තත්ත්වයට පත්වීම, ඇතැම් රටවල් අපනයන වර්ධනය හේතුවෙන් වේගවත් ප්‍රගතියක් අත්කර ගැනීම සහ තවත් රටක ආර්ථිකයේ සැබෑ ප්‍රමාණය කලින් ගණනය කළ ප්‍රමාණයට වඩා සියයට 10කින් වැඩි බව තහවුරු වීම වැනි සාධක ඊට බලපා තිබේ.

මෙම ආදායම් වර්ගීකරණය සෑම වසරකම ජූලි 1 වැනිදා යාවත්කාලීන කෙරෙන අතර, පෙර වසරේ ඒක පුද්ගල දළ ජාතික ආදායම (Gross National Income – GNI per capita) පදනම් කරගෙන රටවල් පහළ ආදායම්, පහළ-මධ්‍යම ආදායම්, ඉහළ-මධ්‍යම ආදායම් සහ ඉහළ ආදායම් යන කාණ්ඩ හතරට වර්ගීකරණය කරයි.

ලෝක බැංකුව සඳහන් කළේ, මෙම වර්ගීකරණය මගින් සහන ණය සහ සංවර්ධන ආධාර සඳහා රටවල් සුදුසුකම් ලබන ආකාරය තීරණය කිරීමට මෙන්ම, රජයන්, පර්යේෂකයන් සහ ජාත්‍යන්තර සංවිධානවලට ගෝලීය ආර්ථික ප්‍රගතිය ඇගයීමට වැදගත් දර්ශකයක් ලෙස භාවිත වන බවයි.

මෙවර වර්ගීකරණයේදී කිසිදු රටක් පහළ ආදායම් කාණ්ඩයකට පහත දමා නොමැති බවද ලෝක බැංකුව පෙන්වා දී තිබේ.

මූලාශ්‍රය – www.worldbank.org
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka