gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ අත්අඩංගුවට!

ඒ 2006 වර්ෂයේ දී ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත විධායක අංශය සඳහා ශිෂ්‍ය භට නිලධාරීන් බඳවා ගැනීමේ දී, බඳවා ගැනීම් සඳහා නියමිත සුදුසුකම් සපුරා නොතිබූ යෝෂිත රාජපක්ෂ යන අය විධායක අංශයේ ශිෂ්‍ය භට නිලධාරියෙකු වශයෙන් බඳවා ගැනීම හා එතෙක් පැවති ක්‍රම වේදයට පරිභාහිරව ඔහුව බ්‍රිතාන්‍ය රාජකීය නාවික විද්‍යාලයේ පුහුණු පාඨමාලාවක් සඳහා රජයේ මුදල් ගෙවා සහභාගි වීමට අවස්ථාව සලසා දීම තුළින් දූෂණය යන වරද සිදු කිරීමේ චෝදනාව මතය. 

ඒ අනුව වසන්ත කරන්නාගොඩ මහතාව අද(03) උදෑසන 10.05ට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් කොමිෂන් සභාවේ දී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. 

අත්අඩංගුවට ගන්නා ලද සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සදහන් කරයි.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka