gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

සලේගේ උපාංගවල මුරපද දෙන එක ජාතික ආරක්ෂාවට තර්ජනයක්... - උදය ගම්මන්පිල

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ ලැප්ටොප් පරිගණකයේ සහ ජංගම දුරකථනයේ මුරපද (passwords) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබා දෙන ලෙස අධිකරණය නියෝග කර තිබුණද, එම උපාංගවල රටේ ජාතික ආරක්ෂාවට අදාළ අතිශය සංවේදී බුද්ධි තොරතුරු අඩංගු බැවින් ඒවා හෙළි කිරීමේ ගැටලුවක් පවතින බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසයි.

අද (02) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ගම්මන්පිල මහතා සඳහන් කළේ, තමන් අධිකරණයේ නියෝගයට ගරු කරන නමුත්, එම තොරතුරු ආරක්ෂා කර ගැනීම සඳහා සුරේෂ් සලේ මහතාගේ නීතිඥවරුන් ඉදිරියේදී අභියාචනයක් ඉදිරිපත් කරනු ඇති බවයි.

බුද්ධි අංශවල රහස්‍යභාවය පවත්වා ගැනීම ජාතික ආරක්ෂාවට අත්‍යවශ්‍ය කරුණක් බවත්, මෙම මුරපද ලබාදීමෙන් එම තොරතුරු අනාරක්ෂිත විය හැකි බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka