සුරේෂ් සලේ උපවාසය අතහරී!
කොළඹ ජාතික රෝහලේ සිටිමින් උපවාසයක නිරත වූ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂල විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ එය අතහැර දැමීමට තීරණය කර ඇත. වෛද්‍යවරුන් හා නීතිඥවරුන් විසින් කරන ලද කරුණු පැහැදිලි කිරීම් සහ ලබා දුන් උපදෙස්වලින් අනතුරුව ඔහු මෙම තීරණය ගෙන ඇත.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවන සුරේෂ් සලේ මහතා කොළඹ ජාතික රෝහලට පසුගියදා ඇතුලත් කරන ලදී.
රෝහල්ගත කිරීමෙන් පසුව ද ඔහු සිය උපවාසය පවත්වාගෙන ගිය අතර ඇතිව තිබූ සංකූලතා සලකා බලමින් ඔහුව හෘද රෝග අංශය වෙත මාරු කර යැවීමටද වෛද්‍යවරුන්ගේ කටයුතු කර තිබින.
මේ පුවත තව අයට බලන්න
සුරේෂ් සලේ උපවාසය අතහරී!
2026-07-01T12:56:00+05:30
Gossip Lanka Hot News





