gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ගෝඨාභයගේ ලේකම් සුගීශ්වරගේ ද්විත්ව වැටුප් නඩුවෙන් පට්ටම රහසක් එළියට! ගෝඨාභය අධිකරණයට දුන්න ප්‍රකාශය මෙන්න - රනිල්ගේ කාලේ කෝටි 22ක කෙළියකුත් අහුවේ!

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික ලේකම් වශයෙන් කටයුතු කළ සුගීශ්වර බණ්ඩාර, ජනාධිපති වැය ශීර්ෂය යටතේ වැටුප් දෙකක් ලබා ගත් බවට වූ චෝදනාව සම්බන්ධ නඩුව ඊයේ (ජූලි 01) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවූ අවස්ථාවේදී අතිශය ආන්දෝලනාත්මක තොරතුරු රැසක් හෙළි වී තිබෙනවා.

1. ගෝඨාභය දුන්න ප්‍රකාශය: "ඒ දීමනාව ගත්තේ මම!" 

නඩුව විභාගයට ගත් අවස්ථාවේදී මධ්‍යම විමර්ශන අපරාධ කොට්ඨාසයේ (CCID) නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නේ මේ සම්බන්ධයෙන් තමන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් විශේෂ ප්‍රකාශයක් සටහන් කරගත් බවයි.

එහිදී ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කර ඇත්තේ, අදාළ ලේකම් දීමනාව තමන් විසින් ලබාගත් බවයි! තමාගේ පෞද්ගලික ලේකම්වරයා වශයෙන් සුගීශ්වර බණ්ඩාර පත්කරන ලෙස තමන් කළ ඉල්ලීමකට අනුව, ජනාධිපති ලේකම්වරයා විසින් ඊට අදාළ මුදල් ගෙවන ලෙස ජනාධිපති කාර්යාලයේ මූල්‍ය අංශ ප්‍රධානියාට නියම කර තිබූ බව ද ගෝඨාභය පවසා තිබෙනවා.

2. රනිල්ගේ කාලෙත් සුගීශ්වර කරපු "විශේෂ ව්‍යාපෘති" කෙළිය! 

මෙම විමර්ශනවලදී සුගීශ්වර බණ්ඩාර සම්බන්ධ තවත් බරපතළ වංචාවක සුලමුල හෙළි වී තිබෙනවා. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පාලන සමයේදී ද මොහු "විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂ ජනරාල්වරයා" වශයෙන් පත් කර තිබෙනවා.
එම අංශයේ සේවය කළ පිරිස්වලින් ප්‍රකාශ සටහන් කරගැනීමේදී හෙළි වී ඇත්තේ පුදුම සහගත කරුණුයි:

තිදෙනෙකුගේ ප්‍රකාශ: "එම විශේෂ ව්‍යාපෘති අංශයෙන් කිසිදු වැඩක් සිදු වුණේ නැහැ!"
තවත් දෙදෙනෙකුගේ ප්‍රකාශ: "එම ව්‍යාපෘති අංශය හරහා සම්පූර්ණයෙන්ම සිදුවුණේ දේශපාලන කටයුතු විතරයි!"

3. මහජන මුදල් කෝටි 22ක් ඉවරයි! 

මෙම විශේෂ ව්‍යාපෘති අංශය හරහා පුද්ගලයන් 135 දෙනෙකු පමණ බඳවාගෙන තිබූ අතර ඉන් බහුතරයක් තාවකාලික පදනම මත බඳවාගත් අයයි. මෙම අංශයේ බඳවා ගැනීම්, වාහන, ඉන්ධන වැනි කටයුතු සඳහා පමණක් මහජන මුදල් රුපියල් කෝටි 22කට (මිලියන 220කට) වැඩි මුදලක් වැය කර තිබෙන බව විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ තහවුරු කළා!

4. නඩු තීන්දුව ජූලි 8 වනදා! 

සැකකාර සුගීශ්වර බණ්ඩාරගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය ලබන ජූලි 8 වනදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන නියම කළ අතර, එදින තෙක් සැකකරු තවදුරටත් රිමාන්ඩ් භාරයට පත් කිරීමට නියෝග කෙරුණා.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka