“මට අමාත්‍ය ධූරයක් දෙන්නැයි ආණ්ඩුවට බලකරන්න එපා ! ” – ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාගෙන් ජනතාවට දැනුම්දීමක්!
මේ මොහොතේ තමන්ට කිසිදු අමාත්‍ය ධුරයක් හෝ නියෝජ්‍ය අමාත්‍ය ධුරයක් භාර ගැනීමේ නීතිමය හැකියාවක් නොමැති බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසයි.
තමන්ට අමාත්‍ය ධුර භාර ගන්නා ලෙස සිදුකරන ඉල්ලීම් හෝ ආණ්ඩුවෙන් ඒ සඳහා ඉල්ලීම් කිරීම්වලින් කිසිදු පලක් නොමැති බව ද එම සටහනේ වැඩිදුරටත් දැක්වේ.
එම ෆේස්බුක් සටහන මෙසේය .
“මේ මොහොතේ කිසිදු අමාත්‍ය ධුරයක් හෝ නියෝජ්‍ය අමාත්‍ය ධුරයක් භාර ගැනීමට නීතිමය හැකියාවක් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා හට නොමැත. එම නිසා අමාත්‍ය ධුර භාර ගන්නා ලෙස ඉල්ලීම් කිරීම හෝ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාට ඇමති ධුර භාර දෙන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටීමෙන් පලක් නැත.”
මේ පුවත තව අයට බලන්න
“මට අමාත්‍ය ධූරයක් දෙන්නැයි ආණ්ඩුවට බලකරන්න එපා ! ” – ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාගෙන් ජනතාවට දැනුම්දීමක්!
2026-07-09T05:31:00+05:30
Gossip Lanka Hot News






