gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

බිරිඳගේ හිරිහැර ඉවසාගත නොහැකිව ASP ඕලුගල නීතියේ සහය පතයි!

සිය බිරිඳ විසින් සිදු කරනු ලබන ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට එරෙහිව සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතා කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කළ පැමිණිල්ලට අදාළව, ඔහුගේ බිරිඳ වන කිතුලින්න ගමාතිගේ මෙතුරිකා ගුණරත්න මහත්මිය ඊයේ (23) සිය ලිඛිත දේශන අධිකරණය හමුවේ ගොනු කළාය. 

තමන්ට සහ දරුවන්ට එල්ල වන බරපතළ තර්ජන හමුවේ බිරිඳගෙන් තාවකාලික ආරක්ෂණ නියෝගයක් ලබා ගැනීමට ඕලුගල මහතා මෙලෙස නීතිමය පියවර ගෙන තිබුණි. 

තමන් පසුපස හඹා ඒම, සේවා ස්ථානයට පැමිණ බාධා කිරීම, ප්‍රචණ්ඩ ක්‍රියා සිදුකිරීම සහ පෞද්ගලිකව සම්බන්ධ වීමට උත්සාහ කිරීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස සහකාර පොලිස් අධිකාරීවරයා සිය පැමිණිල්ලෙන් ඉල්ලා ඇත.නිරන්තරයෙන් එල්ල වන තර්ජන, රැකියා ස්ථානයට පැමිණ කරන බාධා කිරීම් සහ අනවශ්‍ය දුරකථන ඇමතුම් හේතුවෙන් තමන් දැඩි මානසික පීඩනයකට මෙන්ම සෞඛ්‍ය ගැටලුවලට ද ගොදුරු වූ බව සහකාර පොලිස් අධිකාරීවරයා අධිකරණය හමුවේ සඳහන් කර තිබේ. 

කෙසේ වෙතත්, ගොනු කළ ලිඛිත දේශන මඟින් අදාළ සියලු චෝදනා මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන බිරිඳගේ නීතිඥවරයා අධිකරණය හමුවේ පෙන්වා දී ඇත්තේ මෙය ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයක් නොව, සැමියාගේ කාර්‌යබහුල රැකියාව, විදේශ ගමන් සහ දරුවන් වෙනුවෙන් කාලය වෙන් නොකිරීම වැනි කරුණු මත පදනම් වූ සාමාන්‍ය විවාහ ආරවුලක් පමණක් බවයි. 

එමෙන්ම, මෙම චෝදනා සනාථ කිරීමට තරම් වෛද්‍ය වාර්‌තා, CCTV දර්ශන, දුරකථන සටහන් හෝ ස්වාධීන සාක්ෂි කිසිවක් පැමිණිලිකාර සැමියා පාර්‌ශ්වයෙන් ඉදිරිපත් කර නොමැති බව ද ඇය සඳහන් කරයි.

සැමියා විසින් ඉදිරිපත් කර ඇති දිවුරුම් ප්‍රකාශ සහ පෞද්ගලික සාක්ෂි ස්වාධීන නොවන බව පවසන බිරිඳ, තමා වෙත පනවා ඇති තාවකාලික ආරක්ෂණ නියෝගය වහාම අවලංගු කරන ලෙසත්, ස්ථිර ආරක්ෂණ නියෝගයක් නිකුත් නොකරන ලෙසත් අධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.

උපුටා ගැනීම : FB - TTV News.lk
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka