ඇඟේ ඇඳුම් තිබුණේ නැහැ... දැරිය මඟෙන් වතුර ඉල්ලුවා... රෝහලේ දී ඇය මියගිය බව දැනගත්තා – සුවසැරිය ප්‍රථමාධාර නිලධාරිනිය
හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට අයත් කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි නිවෙසකදී 2021 වසරේදී අභිරහස් අන්දමින් මියගිය ඉෂාලිනී ජූඩ් කුමාර් (16) දැරියගේ මරණයට අදාළ නඩුව කොළඹ අලුත්කඩේ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවූ අවස්ථාවේදී සුවසැරිය ප්‍රථමාධාර නිලධාරිනි අසලි උපේක්ෂා මහත්මිය සාක්ෂි ලබා දුන්නාය.
මෙම සිදුවීමට අදාළ ප්‍රධාන කරුණු ලෙස, තොරතුරට අනුව අදාළ නිවෙසේ ගරාජය දෙසින් ඇතුළු වූ අවස්ථාවේ පඩිපෙළ මත භාවනා කරන ඉරියව්වෙන් වාඩි වී සිටි දැරියගේ සිරුරේ ඇඳුම් තිබී නොමැති අතර ඇයට බෙඩ්ෂීට් එකක් පොරවා තිබූ බව සාක්ෂිකාරිය සඳහන් කළාය. දැරියගේ ගෙල, පපුව, දෑත් සහ පාදවල පිළිස්සුම් තුවාල දක්නට ලැබුණු අතර, ඇය තමාගෙන් වතුර ඉල්ලූ බවත්, පසුව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඇය මියගොස් ඇති බව පසුව දැනගත් බවත් ඇය ප්‍රකාශ කළාය.
බාලවයස්කාර දැරියක් මෙහෙකාර සේවයේ යොදා ගනිමින් කෲරත්වයට පත් කිරීමේ චෝදනාව යටතේ හිටපු අමාත්‍යවරයාගේ බිරිය වන ශෙයාබ්දීන් අයේෂා සහ මාමණ්ඩිය වන මොහිදීන් ශෙයාබ්දීන්ට එරෙහිව මෙම නඩුව පවරා ඇති අතර, විත්තිකාරියගේ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කිරීමට මහේස්ත්‍රාත්වරයා අවසර ලබා දී ඇත. මෙම නඩුව ඔක්තෝබර් 21 වැනි දින යළි කැඳවීමට නියමිතය.
මේ පුවත තව අයට බලන්න
ඇඟේ ඇඳුම් තිබුණේ නැහැ... දැරිය මඟෙන් වතුර ඉල්ලුවා... රෝහලේ දී ඇය මියගිය බව දැනගත්තා – සුවසැරිය ප්‍රථමාධාර නිලධාරිනිය
2026-07-29T07:38:00+05:30
Gossip Lanka Hot News





