"සියල්ල බොරු... උදේ ඉදන් වෙඩි තිබ්බා...කොල්ලෝ 20කට වඩා මරුණා" - කාන්තා රැඳවියන් යළි වහල මතට!
බන්ධනාගාරය තුළ සිටින කාන්තා රැඳවියන් පිරිසක් නැවත වරක් බන්ධනාගාර වහලවල් මතට නැගී මේ වන විටත් දැවැන්ත විරෝධතාවයක නිරත වෙමින් සිටිති.
මාධ්‍ය සහ ජනතාව වෙත කෑගසමින් ඔවුන් ප්‍රකාශ කරන්නේ, බලධාරීන් සහ ඇතැම් මාධ්‍ය මඟින් දැනට පිටතට ලබාදෙන තොරතුරු සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි.
අද උදෑසන සිටම බන්ධනාගාරය තුළ නොකඩවා වෙඩි තැබීම් සිදු වූ බවත්, දැනටමත් සිරකරුවන් 20කට අධික පිරිසක් මියගොස් ඇති බවත් වහල මත සිටින කාන්තා රැඳවියන් ලෝකයටම ඇසෙන සේ කෑගසා පවසති.
තවද, පවතින අනාරක්ෂිත තත්ත්වය සැලකිල්ලට ගෙන ඇප මත හෝ තමන් නිදහස් කිරීමට කටයුතු කරන ලෙස ද එම රැඳවියන් මෙහිදී බලකර සිටියහ.
"සියල්ල බොරු... උදේ ඉදන් වෙඩි තිබ්බා...කොල්ලෝ 20කට වඩා මරුණා" - කාන්තා රැඳවියන් යළි වහල මතට!
2026-07-06T16:47:00+05:30
Gossip Lanka Hot News






