gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

SDIG වරුණ, පද්මේ සමඟ දුරකථන සංවාද 100කටත් වඩා පවත්වලා!

නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (02) පැය 2කට අධික කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

ඒ එම දෙපාර්තමේන්තුව භාරයේ සිටින සංවිධානාත්මක අපරාධකරුවකු වන කෙහෙල්බද්දර පද්මේ සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළවය.

කෙහෙල්බද්දර පද්මේ සතුව තිබී සොයාගත් ජංගම දුරකථනයක තොරතුරු විශ්ලේෂණය කිරීමේදී හෙළවී ඇත්තේ, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා සමග පද්මේ දුරකථන සංවාද පවත්වා ඇති බවය.

දුරකථන සංවාද 100ක අධික සංඛ්‍යාවක් එලෙස තිබී සොයාගැනීමත් සමග ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා කැඳවා ප්‍රකාශ සටහන් කරගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka