gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

කෝටි 15,000ක් වටිනා රුවන්වැලි සෑයේ චූඩා මාණික්‍යට, ගෝඨාභය සහ පල්ලේගම කරපු දේ පත්තු වෙයි!

රුවන්වැලි මහා සෑ රදුන්ගේ චූඩා මාණික්‍යයට සම්බන්ධ රුපියල් කෝටි 15,000කට අධික වටිනාකමකින් යුත් මැණික් සොරකම් කිරීමේ මහා පරිමාණ වංචාවක් සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් ආරම්භ කර වැරදිකරුවන්ට දඬුවම් පමුණුවන ලෙස ඉල්ලමින් බෞද්ධ හිමිවරුන් සහ සිවිල් ක්‍රියාකාරීන් පිරිසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) නිල පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

සිව් හෙළ බොදු පවුර සංවිධානය, මලියදේව හිමි, ඉසුරුමුණියේ සිද්ධාර්ථ හිමි සහ සිවිල් ක්‍රියාකාරී දුලාන් සේනාධීර යන අය විසින් මෙම පැමිණිල්ල සිදුකර ඇත.

කූට ලෙස චූඩා මාණික්‍යය මාරු කරලා?

පැමිණිලිකරුවන් පෙන්වා දෙන්නේ පසුගිය 2020 වසරේදී රුවන්වැලි සෑ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ ස්වර්ණමය චූඩා මාණික්‍යය ගලවා, ඒ වෙනුවට වෙනත් ව්‍යාජ හෝ වටිනාකමින් අඩු චූඩා මාණික්‍යයක් සවිකර ඇති බවයි. 

පැරණි චූඩා මාණික්‍යයේ තිබූ රුපියල් කෝටි 15,000ක් පමණ වටිනා මිලකළ නොහැකි මැණික්, එවකට රුවන්වැලි සෑයේ විහාරාධිපතිව සිටි පල්ලේගම හේමරතන හිමියන්, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ව්‍යාපාරික විරංජිත් තාම්බුගල යන අය එක්ව සොරකම් කර ඇති බවට ඔවුහු සෘජුවම චෝදනා කරති.

එදා පැමිණිලි කල අයට හිරබත්!

මෙම සිදුවීම සම්බන්ධයෙන් එවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි කළද, එකල සිටි CID අධ්‍යක්ෂවරයා විසින් පැමිණිලි විභාග කිරීම වෙනුවට වංචාව හෙළිදරව් කළ පුද්ගලයන්වම අත්අඩංගුවට ගෙන නීතිය යටපත් කළ බව ක්‍රියාකාරීහු පවසති. 

"එදා මේ ගැන පැමිණිලි කරනවා කියන්නේ හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ වැඩක්" යැයි ද ඔවුහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසූහ.

ශානි අබේසේකරගෙන් විශේෂ ඉල්ලීමක් 

වර්තමානයේ රට තුළ නීතිය නිවැරදිව ක්‍රියාත්මක වන ආණ්ඩුවක් පවතින බැවින්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වර්තමාන අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා යටතේ මේ පිළිබඳව විශේෂ නිලධාරී කමිටුවක් පත් කර වහාම පුළුල් විමර්ශනයක් ආරම්භ කළ යුතු බව පැමිණිලිකාර පාර්ශවය අවධාරණය කරයි.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉතිහාසයේ ප්‍රථම වතාවට ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන්නේද චූඩා මාණික්‍යය නොමැති මොහොතක රුවන්වැලි සෑය ඉදිරිපිටදී බවත්, මෙම මහා සංඝ රත්නයට සහ පූජනීය වස්තූන්ට සිදුකළ නිග්‍රහයේ සාපය අද එම පාර්ශවයන්ට පඩිසන් දී ඇති බවත් පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ සිවිල් ක්‍රියාකාරීහු වැඩිදුරටත් සඳහන් කළහ. 
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka