gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

රිය අනතුරකින් භික්‍ෂුන් 09ක් අපවත් වෙති... තවත් 13කට බරපතලයි

තායිලන්තයේ මුක්දහන් (Mukdahan) පළාතේදී 11 හැවිරිදි පිරිමි දරුවෙකු විසින් පදවාගෙන ආ පිකප් රථයකට යටවීමෙන් වන්දනා චාරිකාවක නිරතව සිටි බෞද්ධ භික්ෂූන් වහන්සේලා 9 නමක් අපවත් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම අවාසනාවන්ත අනතුරෙන් තවත් හිමිවරුන් සහ ගිහි බැතිමතුන් පිරිසක් බරපතළ තුවාල ලබා තිබේ.

භික්ෂූන් වහන්සේලා 35 නමකගෙන් සහ ගිහි බැතිමතුන් පස් දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් පා ගමනින් වන්දනාවේ යෙදී සිටියදී මෙම අනතුර සිදුව ඇත.

පොලිසිය පවසන පරිදි, අනතුර සිදුවූ ස්ථානයේදීම හිමිවරුන් පස් නමක් අපවත් වී ඇති අතර, අනෙක් සිව් නම රෝහල්ගත කිරීමෙන් පසු අපවත් වී තිබේ.

අදාළ දරුවා සිය දෙමාපියන්ගේ අවසරයකින් තොරව මෙම රථය පදවාගෙන පැමිණ ඇති අතර, එහිදී රථය පාලනය කර ගැනීමට නොහැකිව භික්ෂූන් වහන්සේලා අතරට කඩා වැදී ඇත. මෙම දරුවා විශේෂ අවශ්‍යතා සහිත දරුවෙකු බවට මූලික තොරතුරු අනාවරණය වී ඇති අතර, ඔහු මේ වන විට නිලධාරීන් සහ වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ පසුවේ.

තුවාල ලැබූ තවත් හිමිවරුන් තිදෙනෙකුගේ තත්ත්වය අසාධ්‍ය බවත්, තවත් පස් නමකට බරපතළ තුවාල සිදුව ඇති බවත් සෞඛ්‍ය අංශ පවසයි. මුක්දහන් රෝහල විසින් තුවාල ලැබූ හිමිවරුන් වෙනුවෙන් හදිසි රුධිර පරිත්‍යාගයන් සිදුකරන ලෙස මහජනතාවගෙන් ඉල්ලීමක් ද කර තිබේ.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka